ඇමති ලක්ෂමන් බැංකුවේ බංකුවක තමයි ඉඳලා තියෙන්නේ…

Nalin-Bandara_D

ලක්ෂ්මන් යාපා අමාත්‍යවරයා බැංකුවේ බංකුවක  සිටි අයෙකු බව ඊයේ 22දා පිටකෝට්ටේ පිහිටි එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් නලින් බන්ධාර මන්ත්‍රීවරයා සදහන් කළා.

"යහපාලන ආණ්ඩුවේ රාජ්‍ය ඇමැතිවරයෙක් වන ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා කළ වැරදි ගණනය කිරීමක් පිළිබඳව පසු ගිය දිනෙක පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී මම කිව්වා. ඉන්පසුව මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අවස්ථාවකත් එතුමා එය පිළිගත්තා. ඒ තමයි රුපියල් බිලියන දහයක බැඳුම්කර නිකුත් කිරීමේ දී රුපියල් ට්‍රිලියනයක් පාඩු වුණා කියන කාරණය. එතුමා නැවත වතාවක් කියලා තිබුණා ට්‍රිලියනයක් පාඩු වුණා තමයි කියලා."

"ඇත්තටම මේක 'පුංචි පහේ මං' වැඩසටහනට සහභාගි වන පුංචි දරුවකුට උනත් මේ ගණන හදා ගන්න පුළුවන්. බිලියන දාහක් තමයි ට්‍රිලියනය. බිලියන දහයක් තමයි අදාළ ගනු දෙනුව. එතකොට ගත් ණය මුදල දහයක් නම්, කාලය වසර තිහක් නම්, ගෙවූ පොළිය දාහක් නම්, වසරකට පොළී අනුපාතය කීය ද ? මේක සරළ ගණනක්. මේ ගණන හැදුවම 333% ක් එනවා වසරකට පොළී අනුපාතය."

"මේ ගැන කතා කරන ලක්ෂ්මන් යාපා මහතා කියනවා ඔහු බැංකුවකලු වැඩ කළේ. මම නම් හිතන්නේ ඔහු බැංකුවේ බංකුවක තමයි ඉඳලා තියෙන්නේ. අඩුම ගණනේ බැංකුවේ පියන් වැඩක් කළ කෙනකුට, සාමාන්‍ය පෙළට ගණිතයට සාමාන්‍ය සමාර්ථයක් තියෙන කෙනෙකුට වුවත් මේ ගණන හදා ලන්න පුළුවන්. ඒ නිසා මම ලක්ෂ්මන් යාපා මහතාට කියනවා නැවත වතාවක් මෙය නිවැරදි නොකොළොත් ඔබතුමා බැංකුවේ බංකුවේ හිටපු කෙනෙක් විදියට තමයි අපිට කතා කරන්න සිදු වෙන්නේ."

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment