පාකිස්තාන සංචාරය: "මම නම් යන්නේ නෑ

පාකිස්තාන සංචාරය:

 

එබැවින් මේ වනවිට කණ්ඩායමේ සාමාජිකයෙකුව සිටියේ නම් තමන් යළිත් වරක් පාකිස්තානයේ සංචාරය නොකරන බවත් මෑතක් වනතුරු බංග්ලාදේශයේ පුහුණුකරුවෙකු ලෙස සේවය කළ තිලාන් සමරවීර බීබීසී යේ Stumped වැඩසටහනට පැවසීය.

2009 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වූ ප්‍රහාරයෙන් අනතුරුව පළමු වතාවට පාකිස්තානයේ අන්තර්ජාතික ක්‍රිකට් තරග මාලාවක් පැවැත්වෙන බව පාකිස්තාන ක්‍රිකට් බලධාරීහු පසුගියදා සනාථ කළහ.
ඒ අනුව මුලින්ම ලෝක ක්‍රිකට් කණ්ඩායමක් ලබන මාසයේ පාකිස්තානයේ සංචාරයක යෙදෙන අතර, ඉන් අනතුරුව ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් ලාහෝර් නගරයේ පැවැත්වෙන තරගවලට සහභාගි වීමට නියමිතව තිබේ.

ඒ අනුව මුලින්ම ලෝක ක්‍රිකට් කණ්ඩායමක් ලබන මාසයේ පාකිස්තානයේ සංචාරයක යෙදෙන අතර, ඉන් අනතුරුව ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් ලාහෝර් නගරයේ පැවැත්වෙන තරගවලට සහභාගි වීමට නියමිතව තිබේ.

පාකිස්තානයේ ආරක්ෂක වාතාවරණය යහපත් බව ඒ පිළිබඳව විමසා බැලූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශේෂඥයන් වාර්තාකර තිබෙන අතර පාකිස්තානය සමග පැවැත්වෙන විස්සයි විස්ස තරග තුනෙන් එකක් හෝ ලාහෝරයේ පැවැත්වීම සිය අභිප්‍රාය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල පසුගියදා පැවසීය.
"ඒත් මම හිතන්නේ නෑ මම නම් ආයෙත් යාවි කියල. ඒ සිදුවීම නිසා මමත් මගේ පවුලේ අයත් හොඳටම දුක් වින්ද. ළඟදි පාකිස්තානේ සංචාරය කරන්න මගේ බලාපොරොත්තුවකුත් නෑ," තිලාන් සමරවීර වැඩිදුරටත් පැවසීය.

"අනික කවුරුහරි ක්‍රීඩකයෙක් යන්න අකමැති නම් ඒ ගැන ඔවුන්ට දඬුවම් කරන්නත් හොඳ නෑ."
ප්‍රහාරයට ලක් වූ පාකිස්තාන සංචාරය පිළිබඳව එය සංවිධානය කළ අමාත්‍ය අර්ජුන රණතුංග සහ එවක උප නායකයා වූ කුමාර් සංගක්කාර අතර පසුගියදා වාග් සංග්‍රාමයක් හටගත් අතර, ඉන් අනතුරුව ඔවුන් දෙදෙනා 2011 ලෝක කුසලානයේ අවසාන මහා තරගය පිළිබඳව ද ප්‍රසිද්ධ වාදයක නිරත වූහ.

වෙඩි ප්‍රහාර එල්ලවෙන අතරවාරයේම බස් රථය ගඩාෆි ක්‍රීඩාංගණය වෙත පදවාගෙන යමින් බස් රථයේ රියදුරා තමන් සියලු දෙනාගේ ජීවිත බේරාගත් බව ද තිලාන් සමරවීර කෘතවේදීව සිහිපත් කළේය.
"අපිට ආරක්ෂකයෝ හත් අට දෙනෙක් හිටිය. විනාඩියකින් දෙකකින් ඒ සේරම මැරුණ. ඉතින් රියදුරා බස් එක ස්ටේඩියම් එකට පදවාගෙන ගියේ නැත්නම් තවත් බොහෝ දේවල් වෙන්න තිබුන."
බීබීසී ලෝක සේවයේ Stumped වැඩසටහන ඔස්සේ තිලාන් සමරවීර සමග සම්පූර්ණ සාකච්ඡාවට ලබන ඉරිදා සවන්දිය හැකිය.
http://www.bbc.com

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment