හක්කපටස් බෝම්බයකට තවත් වල් අලියෙකු බිලි

හක්කපටස් බෝම්බයකට තවත් වල් අලියෙකු බිලි


පාලමොට්ටටෙයි ඌරල්කුලම් වැව ආසන්නයේ පිහිටි කැලෑ ප්‍රදේශයේ තිබී මිය ගිය වල් අලියාගේ මළ සිරුර හමු වී ඇති අතර අලියා මිය ගොස් දින 4 කට පමණ පසුව ප්‍රදේශවාසීන් දැක ඒ බව ඕමන්ත පොලීසියට දැනුම් දී පොලීසිය විසින් වව්නියාව වනජීවි නිලධාරීන් වෙතට දැනුම් දී ඇත.
පසුව වව්නියාව හා ඕමන්ත වනජීවි නිලධාරීන් අදාල ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී අනාවරණය වී ඇත්තේ අලියා හක්කපටස් බෝම්බයකට ගොදුරු වී දිනගණනක් ආහාර ගැනීමට නොහැකි නිරාහාරව මිය ගොස් ඇති බවටයි.
මිය ගිය වල් අලියා ගැහැනුසතෙකු වන අතර අවුරුදු 5ක පමණ වයසැති අඩි 4යි අගල් 4ක උසකින් යුක්ත වෙයි.
ප්‍රදේශයේ පවතින නියං තත්වය හේතුවෙන් දඩයක් කරුවෙකු විසින් සතුන් දඩයම් කිරීම සඳහා තබන ලද හක්කපටස් බොම්බයකට මෙම වල් අලියා ගොදුරු වී ඇති බවට වව්නියාව වනජීවි නිලධාරීන් පවසි සිටිති.
වනජීවි පශුවෛද්‍ය බී.ගිරිදරන් මහතා විසින් වල්අලියාගේ මරණ පරීක්ෂණ කටයුතු සිදු කොට අවසන් කටයුතු වනජීවි නිලධාරීන් විසින් සිදු කරන ලදී.
- වන්නි රොමේෂ් මධුෂංඛ

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment