මෛත්‍රී – රනිල් ආණ්‌ඩුවට ආයුබෝවන් කියා මහින්දගේ නායකත්වයෙන් ආණ්‌ඩුවක්

DINESH_G

රට වනසන මේ දූෂිත ආණ්‌ඩුව පළවා හැරීමේ ක්‍රියා මාර්ග උත්සන්න කරමින් රටේ විවිධ ප්‍රදේශවලින් විරෝධතා ව්‍යාපාර අද සිට පවත්වන බව ඒකාබද්ධ විපක්‌ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

ඊයේ (18) පස්‌වරුවේ පැවැති විරෝධතා ව්‍යාපාරයට එක්‌වෙමින් දිනේෂ් ගුණවර්ධන මහතා සදහන් කළේ මේ මෛත්‍රී - රනිල් ආණ්‌ඩුවට ආයුබෝවන් කියා මහින්දගේ නායකත්වයෙන් ආණ්‌ඩුවක්‌ පිහිටුවීමේ කර්තව්‍යයට උරදෙන බවයි.

"ජනතාව අපට ඡන්දය දුන්නේ යු.එන්. පිය සමඟ හවුලේ ආණ්‌ඩු කිරීමට නොවෙයි. වසර දෙකක්‌ ගතවන විට මේ ආණ්‌ඩුව රටම වනසලා ජනතාවට ජීවත්වීමට බැරි තත්ත්වයකට පත් කරලා. හොරකම් කරන මේ ආණ්‌ඩුව වහා පළවා හැරීමට එළියට බැස්‌ස ජනතාවට අපේ ගෞරවනීය ප්‍රණාමය පුද කෙරෙනවා. "

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment