පව්ලීන් හැන්සන් බුර්කාවක් පැළඳ පාර්ලිමේන්තු එයි!

පව්ලීන් හැන්සන් බුර්කාවක් පැළඳ පාර්ලිමේන්තු එයි!

 

“මේ දෙය පෙන්වා දෙන්න ලැබීම ගැන මම සතුටු වෙනවා. මොකද මේක පාර්ලිමේන්තුවේ නොතිබිය යුතු ඇඳුමක්”

ඉන්පසු ඇය කියා සිටියේ මෙම ඇඳුම ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවයි.
පව්ලීන් හැන්සන් අන්ත දක්ෂිණාංශික නායිකාව, බුර්කාව ඔස්ටේ්‍රලියාව තුළ තහනම් කළ යුතු යැයි තරයේ කියා සිටින්නියක් සහ ඒ වෙනුවෙන් සටන් වදින තැනැත්තියකි.

නමුත් ඇගේ මෙම බුර්කා රංගනය සෙනෙට් සභාවේ විවේචනයට බඳුන් විය. ඇය විසින් ඇති කළ අපහසුතාවය ඉස්ලාම් අයිතීන් උල්ලංඝනය කිරීමක් බවට චෝදනා ද එල්ල විය.

අවසානයේ ඕස්ටේ්‍රලියා නීතිපති ජෝර්ජ් බැන්ඩිස් දැඩි ලෙස අවධාරණය කළේ ආණ්ඩුවට බුර්කාව තහනම් කිරීමේ කිසිම අදහසක් නැති බවයි.

බුර්කාව ගළවා මේ ප්‍රකාශය කළ අවස්ථාවේ සෙනෙට් මුලසුන ඇයට සිය හැසිරීම ගැන වගකියන්නැයි පැවසුවේ මෙසේ ය.

“අපි හැම කෙනෙක්ම දන්නවා ඔබ ඉස්ලාම් ආගම පිළිපදින කෙනෙක් නොවන බව. ඒ නිසා” අනෙක් ඔස්ටේ්‍රලියානුවන්ගේ ආගමික සංවේදීභාවයන් පිළිබඳ වරදවලින් ඔබ ඉතාමත්ම-ඉතාමත්ම පරිස්සම් වෙන්නට ඕනෙ.
..”
-අමාලි ජයවීර

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment