වව්නියාවේ ගෙවත්තක් සී සෑමේදී වළ දැමූ බෝම්බ තොගයක් හමු වෙයි!

වව්නියාවේ ගෙවත්තක් සී සෑමේදී වළ දැමූ බෝම්බ තොගයක් හමු වෙයි!


අදාල වැසියා යුද්දය අවසන් වීමෙන් පසුව පළමු වතාවට සිය ඉඩම එලිපෙහෙලි කිරීම සඳහා ට්‍රැක්ටරයකින් හාන අවස්ථාවේදී ඊයේ සවස එක් අත්බෝම්බයක් මතු වී ඇති අතර පසුව ඒ බව වව්නියාව පොලීසියට දැනුම් දීමෙන් පසුව පොලිස් නිලධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් විසින් සිදු කරන ලද සෝදිසි කිරීම් වලින් පසුව යකඩ ආවාරණයක බහා ලූ තවත් අත්බොම්බ 7ක් සොයාගෙන ඇත.
මේ අනුව හමු වූඅත්බොම්බ 08න් 06 ක්ම කොටි සංවිධානය විසින් නිශ්පාදනය කරන ලද තමිලන් ගුණ්ඩු නැමති බොම්බ වන අතර අනෙක් අත්බොම්බ දෙක විදේශීය නිශ්පාදිත වර්ගයක් බවට පොලීසිය කියා සිටියේය.
යුද සමයේදී කොටි සංවිධානය විසින් පසු ප්‍රයෝජනය සඳහා වල දමන්නට ඇති බවට වව්නියාව පොලීසිය සැක පලකර සිටින අතර හමු වූ අත් බොම්බ විනාශ කිරීමට වව්නියාව අධිකරණයෙන් නියෝගයක් ලබා ගැනීමටද පොලිස් විශේෂ කාර්ය බලකාය පියවර ගෙන ඇත.
වන්නි රොමේෂ් මධුෂංඛ

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment