වයඹට වෛද්‍ය පීඨයක් - කුලියාපිටිය මූලික රෝහල රජයට

වයඹට වෛද්‍ය පීඨයක් - කුලියාපිටිය මූලික රෝහල රජයට

 

මෙම මූලික රෝහල රජයට පවරාගෙන එය ශික්ෂණ රෝහලක් ලෙස සංවර්ධනය කිරීමට නියමිතය. ඒ සඳහා අවශ්‍ය කැබිනට් පත්‍රිකාව සකස් කරන ලෙස මේ වනවිට අමාත්‍යංශ නිළධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. රෝහල සංවර්ධනය කිරීම සහ වෛද්‍ය පීඨය ස්ථාපිත කිරීම වෙනුවෙන් විශේෂ කමිටුවක් ද පත්කිරීමට නියමිත වේ. සෞඛ්‍ය අමාත්‍යංශය, අධ්‍යාපන අමාත්‍යංශය, වයඹ විශ්වවිද්‍යාලය නියෝජන කරන නියෝජිතයන්ගෙන් සමන්විත මෙම කමිටුවේ සභාපතිවරයා වන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මොහාන් ද සිල්වා මහතායි.

සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සහ අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය කෙරිණි. රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේ සබරගමුව සහ මොරටුව විශ්වවිද්‍යාලවල ද වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට තීරණය කර ඇති බවයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment