ඉන්ටර්නෙට් බදු අඩු කෙරේ මෝටර් සයිකල් බදු අඩු කෙරේ මුදල් ඇමති මංගලගෙන් තෑගි මල්ලක්


ඉන්ටර්නෙට් බදු අඩු කෙරේ
මෝටර් සයිකල් බදු අඩු කෙරේ

මුදල් ඇමති මංගලගෙන් තෑගි මල්ලක්


අද(17) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර කලකට පසු සහන කිහිපයක්ම ඉදිරිපත් කළේය.
අන්තර් ජාල සේවා සඳහා පනවා තිබු විදුලි සංදේශ බද්ද එළඹෙන සැප්තැම්බර් 1 වන දා සිට
මුළුමණින් ඉවත් කරන බව
ඔහු දන්වා සිටියේය. මෙය සියයට 10 ක්ව පැවතී ඇමති රවී සියයට 25 දක්වා ඉහළ දමා තිබුණි.
එංජින් ධාරිතාව සීසී 150ට අඩු මෝටර් බයිසිකල් සඳහා වන ආනයනික බදු මුදල සියයට 90 කින් පහත දැමීමටද තීරණය කළ බව ඔහු දන්වා ඇත.
ඒ අනුව අද(17) මධ්‍යම රාත්‍රියේ සිට මෙම අගයන් අඩු බව අමාත්‍ය මංගල සමරවීර  කියා සිටියේය.
මීට අමතරව කුඩා ලොරි රථ හා සින්ගල් කැබ්රථ සඳහා පවතින බදු මුදල් ලක්ෂ 10 සිට 7 දක්වා රුපියල් ලක්ෂ 3කින් පහත දැමූ බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment