ඒකාබද්දෙන් 11ක් ගැලවෙයි!

ඒකාබද්දෙන් 11ක් ගැලවෙයි!

 

එම පිරිස මේ වන විට ආණ්ඩුවට විරෝධය දක්වමින් සිටියත්, පවතින ඇතැම් ප්‍රතිවිරෝධතා අවම කරගෙන සම්මුතිවාදී ආණ්ඩුව තුළ ක්‍රියා කරන්නේ කෙසේද යන්න පිළිබඳව මේ දිනවල පුළුල් ලෙස සාකච්ඡා කරමින් සිටින බව ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය. එම සාකච්ඡා අසාර්ථක වන්නේ නම් ඒකාබද්ධ විපක්ෂයේ අදාළ කණ්ඩායම ආණ්ඩුව ශක්තිමත් කිරීමට එක්වීමට කැමැත්ත පළ කර ඇති බවත්, ඔවුන් ආණ්ඩුවේ සිටිමින් ආණ්ඩුව විවේචනය කරන ඇතැම් ඇමැතිවරුන්ගේ වංචා-දූෂණවලට අදාළ ලිපිගොනු කිහිපයක් ජනාධිපතිවරයාට භාරදීමට අවශ්‍ය බව දැනුම් දී ඇති බවත් සත්හඬ සමඟ සම්බන්ධ වෙමින් අදාළ ජ්‍යෙෂ්ඨයා සඳහන් කළේය.

මේ අතර අදාළ 11 දෙනා, ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබල භූමිකාවක් නිරූපණය කරන්නන් වන බව ද පවසන මෙම ජ්‍යෙෂ්ඨයා, ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රීලනිප පිරිසේ හැසිරීම අනුව ඒකාබද්ධ විපක්ෂයේ ඉදිරි පැවැත්ම තීරණය වනු ඇතැයි ද සඳහන් කර සිටියේය.
සමන්ත කුමාර

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment