රතන හිමි-විජේදාස රහස් කතා

රතන හිමි-විජේදාස රහස් කතා

රාජගිරියේ පිහිටි රතන හිමියන්ගේ පන්සල හෙවත් සදහම් සෙවණේ දී මෙසේ හිටපු ඇමැතිවරයා සහ රතන හිමියන් මුණ ගැසී ඇති අතර, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ප්‍රමාද වීම සම්බන්ධයෙන් මෙහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් අනාවරණය වේ. විජේදාස රාජපක්ෂ ඇමැති ධුරයෙන් ඉවත් කිරීම පිළිබඳව මෙහි දී කිසිදු අවධානයක් යොමු නොවූ බව ද අදාළ විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.

මේ නව ව්‍යවස්ථාව කඩිනමින් ඉදිරිපත් කිරීමේ මෙහෙයුමට විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇතුළු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් එක්කර ගැනීමේ හැකියාව සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු කර තිබේ. අදාළ මන්ත්‍රීවරුන් සමඟ තුන් වන පාර්ශ්වයක් හරහා සාකච්ඡා කිරීමට මෙහිදී එකඟ වී ඇති අතර, ඉදිරියේදී මෙවැනි තවත් සාකච්ඡා කිහිපයක් සදහම් සෙවණේ දී පැවැත්වීමට නියමිත බව ද අදාළ විශ්වාස කටයුතු ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කර සිටී.
ජනිත ප්‍රසාද් සේනානායක

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment