18+ සැමට බදු ලිපිගොනුවක්.


වයස අවුරුදු 18 වැඩි සෑම පුද්ගලයෙකු සඳහාම ඉදිරියේදී බදු ලිපිගොනුවක් ආරම්භ කිරීමට රජය බලපොරොත්තු වන බව මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අද (07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

එසේ ලිපි ගොණුවක් ඇතිකළ පමණින් බදු ගෙවිය යුතු බව ඉන් නොකියවෙන බවද ඔහු අවධාරණය කර සිටියේය.

දේශීය ආදායම් පනත් කෙටුම්පත විවාදය අරඹමින් අමාත්‍යවරයා අද (7) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසී ය.

බදු ලිපිගොනුවක් හා ඊට අදාල කාඩ්පතක් හිමි පුද්ගලයන්ට ලබාදෙන වරප්‍රසාද පිළිබඳව අමාත්‍යවරයා සඳහන් කළේය.

බදු ගෙවන පුද්ගලයන්ට කෞතුකාගාරය, සත්වෝද්‍යානය සහ සීගිරියට යන විට නොමිලේ ඇතුළු වීමේ හැකියාව ලබාදිය හැකි බව ද ඇමතිවරයා කියා සිටියේය.

රටට ආදරේ නම් බදු ගෙවන්න:

ආදයම්බදු සම්බන්ධයෙන් නව පනතක් ඉදිරිපත් කිරීමට හැකිවීම ගැන සතුටු වන බවත් රටකට ආදරය නම් තමන්ට හැකි තරමින් ආදායම් බද්ධක් ගෙවන්න අවශ්‍ය බවත් අමාත්‍යවරයා මෙම විවාදයේදී කියා සිටියේය.

''රටේ ආදායම වැඩි කිරීම කාලෝචිත අවශ්‍යතාවක් බවට පත්වෙලා. මෙම ඓතිහාසික පනතට සියලු දෙනාගේ සහය ලැබෙන්න කියා ප්‍රාර්ථන කරනවා.

අවම බදු ලබන රටවල් අතර ශ්‍රී ලංකාව පැමිණ තිබෙනවා. මේ රටේ බදු බර දරන්නේ සාමාන්‍ය මනුෂ්‍යයන් මිසක් ආදායම් ලබන අය නොවෙයි. අපි කලාපයේ අන්තිමට ඉන්නේ.

පෝසත් 20% සියයට 51.9%ක් ආදායම පාලනය කරනවා :

මේ රටේ පෝසත් සියයට 20% සියයට 51.9%ක් ආදායම පාලනය කරනවා. දුප්පත් පිරිස සියයට 4%යි පාලනය කරන්නේ.

වක්‍ර බදු හරහා පෝසත් හා දුප්පත් උදවිය බදු එක හා සමානව ගෙවන්නේ. ඒ නිසයි සෘජු ආදායම් බදු වැඩි කරන්න ඕන.

දේශීය වශයෙන් රට සංවර්ධනය කරන්න වක්‍ර බදු අඩු කරන එකට කවුද විරුද්ධ?ඒ අඩු කිරීමයි අපි බලාපොරොත්තු වෙන්නේ.

ලක්ෂයකට අඩුනම් බදු නැහැ :

අපි බලාපොරොත්තු වෙනවා, යුනිවර්ෂල් ටැක්ස් ෆයිල් නම්බරයක් හඳුන්වා දෙන්න. බොහොම සරළ ක්‍රමයක්. එයින් බලාපොරොත්තු වෙන්නේ නෑ, හැමෝම බදු ගෙවන්න ඕන කියලා.

රුපියල් ලක්ෂයට වඩා අඩු ආදායම් ලබන අය මේ බද්දෙන් නිදහස් වෙනවා.''

පනත් කෙටුම්පත සම්මතයි

නව දේශීය ආදායම් පනත් කෙටුම්පත දෙවනවර කියවීම අද(7) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය.

පනතට පක්ෂව ඡන්ද 95ක් හිමි වූ අතර විපක්ෂව ඡන්ද 25ක් ලැබී තිබුණි.

පනත් කෙටුම් පත තුන් වැනි වර කියවීම හෙට සිදු කිරීමට නියමිතය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment