‘මිහින් ලංකා’ 2011 චීන ගුවන් යානා ගනුදෙනුව - චීන ජාතිකයන් දෙදෙනකුගේ ගිණුම් පරීක්ෂාවට


2011 වසරේදී මිහින් ලංකා ගුවන් සමාගමට මිලදී ගත් ර්ඒ60 වර්ගයේ ගුවන් යානා දෙකක් මඟින් රජයට මූල්‍ය අක්‍රමිකතාවක් සිදුකර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කරන විමර්ශන සම්බන්ධයෙන් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට සම්බන්ධ චීන ජාතිකයන් දෙදෙනකුගේ
මෙරට බැංකුවක ගිණුම් 04ක් පරීක්ෂා කිරීමට

අවසර ලබාදෙන ලෙසට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීමකට කොළඹ කොටුව වැඩබලන මහෙස්ත්‍රාත් ජීවනී බැද්දෙවෙල මහත්මිය ඊයේ (28දා) අවසර ලබා දුන්නාය.

විමර්ශන පවත්වා ප්‍රගතිය වාර්තා කරන තෙක් නඩුව නවතන ලෙස මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව කොටුව වැඩබලන මහෙස්ත්‍රාත්වරිය එසේ නියම කළාය.

ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවේදී අතරමැදියකු වශයෙන් චීනයේ 'කුටික්' නමැති සමාගම සම්බන්ධවී ඇති අතර චීන ජාතිකයන් දෙදෙනා කුටික් සමාගමේ මෙරට නියෝජිතයන් ලෙස කටයුතු කර ඇත.

ගුවන් යානා දෙක චීනයේ සිට මෙරටට ආනයනය කර තිබෙන අතර මිහින් ලංකා සමාගම වෙත ගෙන්වූ එම ගුවන් යානා ගුවන් හමුදාවට භාවිත කිරීමට දීම මඟින් මූල්‍ය අක්‍රමිකතාව සිදුවී ඇති බවට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කළ විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

අමිල අබේරත්න
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment