දසුන් කොහේ හිටියත් පරිස්සමින් හිටපං -ධනංජය සිරිවර්ධන

සමුගත් දසුන් නිශාන් ගැන ටෙලිනළු ධනංජය සිරිවර්ධන සතිඅන්ත පුවත්පතකට දැක්වූ අදහස් පහත පරිදිය.

‘මරණයෙන් සියල්ල අවසන් වෙන්නේ නෑ මගේ පළමු අපේක්ෂාව තව කාලෙකින් නැවතත් අපි අපිව හමු
වේවා කියලයි.

ඒ නමින් නොවුණත් රූපෙන් නොවුණත් අපිට අපි හඳුනාගන්න හැකි වේවි. මම හිතන විදිහට මරණය තාවකාලික සමු ගැනීමක් විතරයි. කොහේ හිටියත් පරිස්සමින් හිටපං කියලයි කියන්නේ. මම දසුන් ගැන දන්නේ අපේක්ෂා නාට්‍යයේ වැඩ කරන කාලෙ වෙලාවකට අපි අයියා මල්ලී වෙනවා. වෙලාවකට අපි මචංලා. දැන් සමාජය අමුතු කතා හදයි. දසුන්ගේ මරණය විකුණාගෙන කයි නමුත් මැරෙන්න හිතපු එකම එකා දසුන් නෙමෙයි. මම කාලයක් උඹ දිහා බලන් හිටියා. උඹ ලස්සනට නළු ජීවිතේ හදා ගත්තා. ඒත් ඇයි මල්ලී උඹට ජීවිතේ හදාගන්න බැරි වුණේ. මම ඒ වරද දැක්කේ නෑ. මැරුණ උඹට කතා කරන්න මම දන්නේ නෑ යන තැනක හොඳින් පරිස්සමින් හිටපං.‘
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment