නිවන් දකින ක්‍රමය, අවුරුදු 2100කට පසු දැන් විවෘත වී ඇත - ගාමිනී අභය

නිවන් දකින ක්‍රමය, අවුරුදු 2100කට පසු දැන් විවෘත වී ඇත - ගාමිනී අභය

දස දහස් ගණනින් ලංකාවේ වැඩ සිටි රහතුන් වැනි අය දැන් පහළ නොවන්නේ ඇයි?

ත්‍රිපිටකය ලිවීමෙන් පසු රහතුන් පහළ වීම ඇණහිටි බවයි, ඉතිහාසයෙන් පෙනෙන්නේ. ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම සිදුවූයේ දැනට අවුරුදු 2100කට පමණ පෙරයි.

ත්‍රිපිටකය ලිවීමෙන් පසු රහතුන් පහළ නොවන්නේ ඇයි? යන්න මතභේදයට තුඩුදෙන කරුණකි. බොහෝ බෞද්ධයන් ත්‍රිපිටකය පූජනීය ග්‍රන්ථයක් ලෙස සලකන්නේ එහි ලියැවී ඇති කරුණු සත්‍ය යැයි සිතාගෙන ය. නමුත් එයින් පසු මාර්ග ඵලලාභීන් පහළ නොවන්නේ මන්දැයි සිතන්නෝ ස්වල්පයකි. එක්කෝ එහි සඳහන් දේ වැරදි ය. එසේ නැත්නම් ජනතාව එය පරිහරණය කොට ප්‍රායෝගික වශයෙන් වැරදි ක්‍රමයක් අනුගමනය කළා විය හැක. එසේත් නැතිනම් මේ කරුණු දෙකම විය හැක. මෙය විසඳා ගැනීම කළ හැක්කේ මගඵල ලාභියෙකු හට පමණය. ඒ කුමක් නිසාද? ඔවුහු යථාභූත ඥාන දර්ශනය දැක ඇති නිසා ය. අද මහජනතාවට නිවන් දැකීම ගැන දෙසන්නෝ ඇත්තේ ස්වල්පයකි. බොහෝ දෙනා නිවන් දැකීම, රහත් වීම නොව සෝවන් වීමවත් නොදනිති. නිවන් දැකපු කෙනෙකුට යම් ග්‍රන්ථයක හරි වැරදි පහසුවෙන්ම කිව හැක. ඒ, ඔවුන්ට යථාභූත ඥාන දර්ශනයේදී හා ඉන්පසුව ප්‍රඥාවෙන් ලැබෙන දැනුම නිසා ය. එවැනි තත්වයකට පත්වූ අයට මිත්‍යා ක්‍රම හා මිත්‍යා ලිවීම් පහසුවෙන් හඳුනාගත හැක.

දැන් ලංකාවේ  සෝවාන් තත්වයට පැමිණි අය සිටියි. ඒ නිසා මෙකල නිවන් දැකපු අය - “සෝවාන් වූ” අය සිටිති යැයි පැහැදිලිව ම ප්‍රකාශ කළ හැක. එසේ නම් ත්‍රිපිටකයෙහි වැරදි දේවල් ලියැවුණාද? එසේ නැතිනම් ජනතාව අනුගමනය කළ ක්‍රමය වැරදිද? 


පසු සම්බන්ධයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment