සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් එම පරිපුරක ඇස්තමේන්තුව ඊයේ (06) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඒ අනුව අද දින කැබිනට් තීරණයකට අනුව එම අතිරේක ප්‍රතිපාදන ලබා දෙන ලෙස ඉල්ලා ඇත. මන්ත්‍රීවරුන් 225 දෙනෙකු සඳහා කාර්යාල පවත්වා ගෙන යාම වෙනුවෙන් මසකට රු ලක්ෂය බැගින් දිය යුතු වෙයි. ඒ වෙනුවෙන් මාසික සම්පුර්ණ වියදම ලෙස රුපියල් දෙකෝටි විසිපන් ලක්ෂයක් වැය වෙයි. එලෙස ගෙවන ලද මුදල් ප්‍රතිපුරණය සඳහා අතිරේක ප්‍රතිපාදන ඉල්ලා තිබේ.
මේ අතර රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යවරයාගේ හා විපක්ෂ නායක වරයාගේ නිල නිවස අලුත්වැඩියා කිරීමට හා ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුව භාර අමාත්‍යවරයාට නව වාහනයක් මිලදී ගැනීමට වැය කරන ලද රුපියල් නවකෝටි අසූනව ලක්ෂ තිස්අට දහස් තුන්සිය දහයක මුදලක් වෙනුවෙන් ද පරිපුරක ඇස්තමේන්තුවක් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.
එම පරිපූරක ඇස්තමේන්තුවට අනුව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යවරයාගේ නිල නිවස අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් එක්කෝටි හැත්තෑ හය ලක්ෂ තිස් අට දහස් තුන්සිය දහයක මුදලක් වැය කර ඇති බව සඳහන්. විපක්ෂ නායක වරයාගේ නිල නිවාස අලුත්වැඩියාව වෙනුවෙන් අතිරේක ප්‍රතිපාදන සැලසීම සඳහා රුපියල් දෙකෝටි පහළොස් ලක්ෂයක මුදලක් වැය කර ඇත.
ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ පවත්නා ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුව භාර අමාත්‍යවරයාට වහනයක් මිලදී ගැනීම සඳහා රුපියල් හාර කෝටි තිස්ලක්ෂයක් හා රුපියල් එක්කෝටි හැට අට ලක්ෂයක් වැය කර ඇති බවද එම පරිපූරක ඇස්තමේන්තුවේ සඳහන් වෙයි.
තවද නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය මෙහෙයුම් කල්බදු ක්‍රමය යටතේ ලබා ගෙන ඇති වාහනයෙහි බදු කුලී සඳහා වූ ප්‍රතිපාදන ඌණතාව වෙනුවෙන් වැයකරන ලද රුපියල් හැත්තෑපන්ලක්ෂ හතළිස්පන් දහසක මුදලක් හා ජනාධිපතිවරයා මෙහෙයුම් කල් බදු ක්‍රමය යටතේ ලබා ගෙන ඇති වාහනයේ බදු කුලී වෙනුවෙන් වන ප්‍රතිපාදන ඌණතාව සඳහා වැය කර ඇති රුපියල් හාරලක්ෂ අනූපන්දහස මුදලක්ද පරිපූරක අස්තෙන්තුවේ සඳහන්ය.
ආශිකා බ්‍රාහ්මණ
0 comments :
Post a Comment