රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය විසින් මෙයට අදාළ චක්‍රලේඛය ඊයේ නිකුත් කරනු ලැබීය.
මෙගාපොලිස් සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව මෙම පියවර ගනු ලැබුවේ බත්තරමුල්ල ප්‍රදේශයේ පවතින දැඩි වාහන තදබදය අවම කිරීම පිණිස ය. මේ අනුව සම්මත කාර්යාල වේලාව වන උදේ 9 හා සවස 5 මගහරිමින් මාර්ග තදබදය අවම වේලාවන් හිදී කාර්යාලය වෙත යාමටත් ආපසු නිවෙස් බලා යාමටත් මෙමගින් ඉඩ සලසනු ලැබේ. මෙම නව කාර්යාල වේලාවන් අනිවාර්ය බව ද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
මෙය නියමු ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක වන අතර ඉදිරියේදී මෙම නම්‍යශීලී කාර්යාල වේලාවන් බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටා තිබෙන පෞද්ගලික ආයතන සම්බන්ධයෙන් ද ක්‍රියාත්මක කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ.
0 comments :
Post a Comment