මීටර් 504කින් යුත් ගණේමුල්ල ගුවන් පාලම නොබෝ දිනකින් ජනතා අයිතියට

GHA

ගණේමුල්ල නඟරය ගම්පහ දිස්ත‍්‍රික්කයේ ප‍්‍රධාන නඟර කිහිපයක් මධ්‍යයේ පිහිටා ඇත. කඩවත, ගම්පහ, ජාඇල කඳාන වැනි ජනාකීර්ණ නඟර අතර පිහිටි ගණේමුල්ල නඟරය හරහා දිනපතා විශාල රථවාහන ප‍්‍රමාණයක් ගමන් ගනී. දිවයිනේ ප‍්‍රධානතම දුම්රිය ස්ථානයක් වන ගණේමුල්ල දුම්රිය ස්ථානය හේතුවෙන්ද නගරය තුල නිරන්තර මාර්ග තදබදයක් ඇතිවේ. මේ සියළු කරුණු සැලකිල්ලට ගනිමින් අරමුණින් 2015 අපේ‍්‍රල් 19 වනදින ගණේමුල්ල ගුවන්පාලමේ ඉදිකිරීම් ආරම්භ වූයේ උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ මූලිකත්වය සහ මඟපෙන්වීම අනුවයි.

මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ කඩිනමින් සිදුවූ එහි ඉදිකිරීම් මේවනවිට අවසන් අදියරේ පවතී.

දුම්රිය ගමන් හේතුවෙන් ඇතිවන මාර්ග තදබදය අවම වීමට අමතරව ගමනාගමනයට ගතවන කාලය අවම කිරීමද මෙතුලින් බලාපොරොත්තු වේ. දුම්රිය මාර්ගය හා මහාමාර්ගය සමීපව පිහිටීම හේතුවෙන් ඇතිවන අනාරක්ෂිත බවද මේ පාලම ඉදිවීමත් සමඟ අවම වනු ඇති. එසේම තදබදය හේතුවෙන් සිදුවන වායු දුෂණයද විශාල ප‍්‍රමාණයකින් අඩුවීමද මෙම ගුවන්පාලම ඉදිකිරීමේ ප‍්‍රධානතම පරමාර්ථයක් වනවා. බියන්විල, - ගණේමුල්ල, කිරිඳිවිට - ගණේමුල්ල මාර්ග ඔස්සේ තදබදයකින් තොරව රථවාහන ධාවනය කිරීමේ අවස්ථාව ද මේ පාලම ඉදිවීමත් සමඟ හිමිවේ.

මාර්ග සංවර්ධන අධිකාරියේ බි‍්‍රතාන්‍යය කඩ පාලම් ව්‍යාපෘතියයටතේ, ගණේමුල්ල දුම්රිය ස්ථානය ආසන්නයේ ඉදිවන මෙම ගුවන්පාලමේ දිග ප‍්‍රමාණය මීටර් 504කි. මීටර් 300ක පිවිසුම් මාර්ගයක් ඊට ඇතුලත් වේ. මංතීරු දෙකක් සහිතව ඉදිකෙරෙන පාලම වෙනුවෙන් වැය කෙරෙනමුදල රු.මිලි.1768.21 කි. මේ වනවිට පාලමේ ඉදිකිරීම් අවසන්ව ඇතිමෙම ගුවන්පාලම ද නුදුරේදීම ජනතා අයිතියට පැවරෙනු ඇත.

FLYOVER (1) FLYOVER (2) FLYOVER (3) FLYOVER (4)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment