බීමත් කාන්තාවකගේ කාර් එකේ හැප්පී ජපුර බස් එක පෙරළී ගිය හැටි






බීමත් කාන්තාවකගේ කාර් එකේ හැප්පී
ජපුර බස් එක පෙරළී ගිය හැටි

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පිඨයේ සිසුන් පිරිසක් විනෝද චාරිකාවකට සහභාගීවී නැවත එමින් සිටියදී විශ්ව විද්‍යාලයට ආසන්න හයිලෙවල් පාරේ නාවින්න මංසන්ධියේදී අතුරු පාරකින් පැමිණි කාර් රථයක හැපී පෙරේදා රාත්‍රී අනතුරක් සිදුවිය.
බීමතින් රිය පදවාගෙන ආ කාන්තාවක අතුරු පාරේ සිට ප්‍රධාන මාර්ගයට වාහනය දැමීමේදී
වාහනයේ වේගය අඩු නොකර පැමිණි වේගයෙන්ම අපරීක්ෂාකාරී ලෙස වාහනය හසුරුවා තිබුණ අතර මේ නිසා වේගයෙන් පැමිණි බස් රථයේ හැපිණි.
ඒ සමගම බස් රථ රියදුරා එහි තිරිගතද කළෙන් බසය දෙපසට වැනී තල්ලුවී ගොස් පැත්තක් ඇළවී පෙරළිණි,
අවට සිටි අය බස් රථයේ
ඉහළ කොටසේ වීදුරු ඉවත් කර පිරිස බේරාගෙන තිබුණි.

මෙම සිද්ධිය නිසා බස්රථයේ ඇතුළේ අයට තුවාල සිදුවූ අතර සිසුන් 50කට අධික පිරිසක් රෝහල් ගතකරන ලදි. බස්රථයේ සිදුන් 65 ක් පැමිණි බව කියැවේ.
වැඩිදුර ප්‍රතිකාර ලබන්නට සිසුන් 16 දෙනෙකු කළුබෝවිල රෝහලේ නතර කළ අතර එක් අයෙකුගේ තත්වය බරපතල නිසා ජාතික රෝහලට මාරු කරන ලදි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේදී කාර් රථය පදවා ඇති තැනැත්තිය බීමතින් රිය පදවා ඇති බව අනාවරණය විය.
වැඩිදුර විමර්ශන සිදු කිරීමට රථ දෙකේම රියදුරන් පොලිස් භාරයට ගන්නා ලදි.
පහත පළවන්නේ සිද්ධිය සම්බන්ධ සීසීටීවී වාර්තාවකි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment