ජගත් ජයසූරියට බැන්නට ෆොන්සේකා අැමතිකමින් ඉවත්කරන්න - විමල්

ජෙනරාල් ජගත් ජයසූරිය පිළිබඳ හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් ඇමැති සරත් ෆොන්සේකා ප්‍රකාශ කළ මතය ආණ්ඩුවේ මතය නෙවෙයි නම් කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීමට එරෙහි වීමක් සිදු කළා යැයි සලකා විජයදාස රාජපක්ෂව ඇමැති ධුරයෙන් පහ කළ ආකාරයටම සරත් ෆොන්සේකාවද ධුරයෙන් පහ කළ යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ පවසයි.
මන්ත්‍රිවරයා

මේ බව ප්‍රකාශ කළේ ඊයේ (3දා) පිටකෝට්ටේ පිහිටි පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
ජෙනරාල් ජගත් ජයසූරිය යුද අපරාධ කළ බවත් ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වුවහොත් හිටපු යුද හමුදාපතිවරයා ඒ පිළිබඳ සාක්ෂි ලබා දීමට සූදානම් බවත් ප්‍රකාශ කරමින් සිදුකළ ප්‍රකාශය පිළිබඳ අදහස් දක්වමින් හෙතෙම එසේ පැවැසීය.

විජයදාස රාජපක්ෂ හම්බන්තොට වරාය විකිණීම සම්බන්ධව සිදුකළ ප්‍රකාශයට එරෙහිව ඔහුගේ ඇමැතිකම උදුරාගත්තා නම් ඡන්ද පන්දහසක් ලබාගෙන පිරිනැමූ ඇමැති ධුරයක් දරමින් මෙවැනි බරපතළ දේශද්‍රෝහී ප්‍රකාශයක් කරන ඔහුට විරුද්ධව ආණ්ඩුව ගන්නා පියවර කුමක් දැයි බලා සිටින බවද ඔහු පැවැසුවේය.
සරත් ෆොන්සේකාගේ මතය ආණ්ඩුවේ මතය නොවේ නම් ඒ බරපතළ රාජද්‍රෝහී ප්‍රකාශය හේතු කරගනිමින් ඔහුව ධුරයෙන් නෙරපීමට නොහැකි නම් කවුරුන් මොනවා කිව්වත් මෙය ආණ්ඩුවේ මතය යැයි පැහැදිලි වන බවද ප්‍රකාශ කළේය.

මෙවැනි බැරෑරුම් ප්‍රකාශයක් කළ පුද්ගලයකුට විරුද්ධව ගන්නා පියවර ආණ්ඩුවක් ලෙස අරගෙන පෙන්වන්න යැයි ඔහු වැඩිදුරටත් පැවැසුවේය.

හර්ෂනී අර්සකුලරත්න
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment