ලන්ච් ෂීට් - සිලිසිලි සමාජය හා බද්ධයි වෙන් කරන එක ලේසි නෑ

ලන්ච්ෂීට්, සිලිසිලි බෑග්, ග්‍රොසරි බෑග්  නිෂ්පාදනය අලෙවිය, භාවිතය හා ළඟ තබා ගැනීමේ තහනම සැප්. 01 වැනිදා සිට පැවැතුණත් සිල්ලර වෙළෙදාමේදී හා ජනතාව අතර භාවිතයේදී එය කාලයක් තිස්සේ දිගටම
ක්‍රියාත්මක

වියහැකි බව මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (අපද්‍රව්‍ය කළමනාකරණ) ඉන්ජිනේරු උපාලි ඉන්ද්‍රරත්න මහතා  පැවැසීය.
වසර 30කට ආසන්න කාලයක් තිස්සේ සමාජය හා බද්ධ වී තිබූ පුරුද්දක් වන පොලිතින් භාවිතය එක් රැයකින් නවතාලිය නොහැකි වන බවත් එය ක්‍රමානුකූලව නැවැත්වීමට කටයුතු කළයුතු බවත් ඉන්ද්‍රරත්න මහතා කීය.
මධ්‍යම පරිසර අධිකාරිය ඉදිරියේදී පොලිතින් නිෂ්පාදකයන් අධීක්ෂණය කරන බවත් ඔවුන් නිෂ්පාදන නැවැත්වීමත් සමඟ සිල්ලර වෙළෙ¼දාම ඉබේම නවතිනු ඇති බවත් ඉන්ද්‍රරත්න මහතා පෙන්වා දුන්නේය.

ආරියරත්න ගනේගොඩ
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment