ෆේස්බුක් එකෙන් සෙට් වෙලා Free රට අරක්කු සාදයක්

ෆේස්බුක් සමාජ වෙබ් අඩවිය ඔස්සේ ඇරයුම් කර සුහද හමුවක් පැවැත් වූ පාදුක්ක නගරයේ පිහිටි අවන්හලක් පෙරේදා (2දා) රාත්‍රි වටලා එහි පැමිණි පිරිසට ලබා දුන් විදේශීය මත්පැන් තොගයක් සමඟින් එක් සැකකරුවකු සැකපිට අත්අඩංගුවට ගත් බව පාදුක්ක සුරාබදු කාර්යාලය පවසයි.
මුහුණු පොතේ මිතුරන් වෙනුවෙන් පවත්වනු ලබන සුහද හමුවක් සහ එහිදී එක් අයකු සඳහා රුපියල් දහසක මුදලක් අය කර විදේශීය මත්පැන් නොමිලයේ ලබා දීමට
නියමිත බවත්

පාදුක්ක සුරාබදු කාර්යාලයේ සුරාබදු නියාමක නිලන්ත රාජපක්ෂ මහතාට ලැබුණු තොරතුරක් මත මේ වැටලීම සිදු කර ඇත.
ඒ අනුව පාදුක්ක සුරාබදු කාර්යාලයේ ස්ථානාධිපති සුගත් කොලොන්නගේ මහතාගේ උපදෙස් පරිදි අදාළ සුහද හමුව පැවැති අවන්හලට රුපියල් දහස බැගින් වූ ටිකට් පත් දෙකක් මිලට ගත් සුරාබදු පරීක්ෂකවරුන් දෙදෙනකු උපාය දූතයන් ලෙස යවා එහි සිටින අතරතුර නොමිලයේ ලබා දුන් විදේශීය මත්පැන්වලට අමතරව තවත් මුදලට මත්පැන් බෝතලයක් සහ ඒ සඳහා රිසිට් පතක් ද ලබා ගැනීමට කටයුතු කළ බවද එම කාර්යාලය පවසයි.

ඉන් පසුව වහාම ක්‍රියාත්මක වු සුරාබදු නිලධාරීන් සුහද හමුව පැවැති අවන්හල වටලා එහි ශීතකරණ කිහිපයක සඟවා තිබූ අදාළ විදේශීය මත්පැන් තොගය සොයා ගත් බවත් එම විදේශීය මත්පැන් උපාය දූතයන් ලෙස සිටි සුරාබදු පරීක්ෂකවරුන්ට විකිණ­ අවන්හලේ සේවකයකුද සැකපිට අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවත් එම කාර්යාලය පවසයි.

සැකපිට අත්අඩංගුවට ගත් සැකකරු එම අවස්ථාවේදී පුද්ගල ඇපයක් මත මුදාහැරීමට කටයුතු කළ බවත් ඒ අනුව සැකකරු සහ අත්අඩංගුවට ගත් විදේශීය මත්පැන් තොගය අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් පාදුක්ක සුරාබදු කාර්යාලය පවසයි.

පනාගොඩ - චම්පා ජීවන්ති
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment