නොබෙල් සාම ත්‍යාගයට මෛත්‍රීගේ නමත්.


නෝර්වේහි පිහිටි Peace Research Institute Oslo ආයතනය සකස් කර ඇති මේ වසරේ නොබෙල් සාම ත්‍යාගයට සුදුස්සන්ගේ නාමලේඛණයට ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නම ද ඇතුලත් කොට ඇත.

තම පෞද්ගලික ඇගැයීමට අනුව සකස් කළ නොබෙල් සාම ත්‍යාගයට සුදුස්සන්ගේ නාමලේඛණයක් 2002 වසරේ සිට එම ආයතනයේ අධ්‍යක්ෂවරුන් ඉදිරිපත් කරයි.

එහි වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ, සිවිල් යුද්ධයේ තුවාල සුව කිරීම සඳහා වන පුළුල් සංහිඳියාවක් වෙනුවෙන් ජනාධිපති සිරිසේන පියවර ගෙන ඇති බවයි.

හවුල්කාරී සංහිඳියාවක් වෙනුවෙන් වන ඔහුගේ කැප වීම අනාගතයට ආදර්ශයක් වනු ඇති බව එහි දැක්වේ.

එමෙන්ම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ඔහු ගෙන ඇති පියවර ද එහිදී ඇගැයීමට ලක්ව ඇත.

මේ වසරේ නොබෙල් සාම ත්‍යාගයට සුදුස්සන්ගේ නාමලේඛණයට ඇතුලත්ව සිටින අනෙකුත් පුද්ගලයින් සහ සංවිධාන වන්නේ, White Helmets සහ Raed al Saleh, American Civil Liberties Union  සහ Susan N. Herman Jeanne, Nacatche Banyere, Jeannette Kahindo Bindu  සහ Dr. Denis Mukwege.

මූලාශ්‍රය : http://ift.tt/2wkdNXl

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment