ආප්පේ 15 ට යයි.

වෙළඳ පොළ තුළ භාණ්ඩ මිල උච්චාවචනය වීම හා ගෑස් මිල ඉහලයාම හේතුවෙන් ආහාර පානවලද මිල ඉහල දැමීට සිදුව ඇතැයි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ඒ අනුව තේ කෝප්පයක් රුපියල් 20/- ක උපරිම මිලකටද, බත් පැකට්ටුවක් රුපියල් 130/-ක්, ආප්පයක් රුපියල් 14ක් හා කිරි තේ කෝප්පයක් රුපියල් 40ක උපරිම මිලකට යටත් කොට විකිණීමට කටයුතු කරන බවද එහි දැක්වේ.

අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ස්ථාවරව පවත්වාගෙන යාමට පාරිභෝගික අධිකාරියට මැදිහත්වන ලෙසද එම සංගමය ඉල්ලා සිටී.

අදාළ මිල ගණන් වැඩිවීමේ වගකීම රජය විසින් ගතයුතු බවද ඔවුන් සිය නිවේදනයේ දක්වා තිබේ.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment