තොරතුරු පනත් මානව අයිතිය තහවුරු කිරීමක් - මංගල සමරවීර

තොරතුරු පනත් මානව අයිතිය තහවුරු කිරීමක් - මංගල සමරවීර

යුතුකමේ වගකීම මැනවින් වටහා ගත් වර්තමාන රජය ජනතා අපේක්ෂාවේ වගකීම ඉටුකරමින් පසුගිය වසරේ අගෝස්තු 04 වන දින තොරතුරු දැන ගැනීමේ පනත් සම්මත කළ බවයි සමරවීර මහතා ප්‍රකාශ කරන්නේ. රජයේ ක්‍රියාදාමයන් විනිවිදභාවයකින් යුතුව ජනතාවට දන ගැනීමට ඇති අයිතිය මෙමගින් තහවුරු කර ඇති අතර සමාජ සාධාරණත්වයේ අපේක්ෂාවෙන් යුතුව නීතියේ ආධිපත්‍යය තවදුරටත් ශක්තිමත් කිරීමටද ඒ තුළින් හැකියාව ලැබී ඇති බව හෙතෙම පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකාව රටක් වශයෙන් ජාත්‍යන්තරය තුළ හුදෙකලා දූපතක් බවට පත්කරමින් තිබූ වටපිටාවක නීතියේ සාධාරණත්වය,ප්‍රජාතන්ත්‍රවාදය අපේක්ෂා කළ මේ රටේ අති බහුතරයක් ජනතාව 2015 ජනවාරි 08 වැනිදින එම දේශපාලන භූමිකාවට එරෙහිව යුතුකම ඉටුකළ හෙයින් මේ වන විට ජනතාව ජයග්‍රහණ අත්පත්කර ගනිමින් සිටින බවයි අමාත්‍ය මංගල සමරවීර මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment