වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය පිළිබදව සුව ඇමැතිගෙන් ප්‍රකාශයක්

වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය පිළිබදව සුව ඇමැතිගෙන් ප්‍රකාශයක්
දේශපාලන පක්ෂ හෝ වෘත්තීය සංගම්වලට අවශ්‍ය ලෙස තීන්දු තීරණවලට එළඹිය නොහැකි බවත් ඔවුන් කියන කියන පරිදි කටයුතු කළ නොහැකි බවත් ඇමතිවරයා පවසයි. අවම ප්‍රමිතිය සම්බන්ධයෙන් සුහදව සාකච්ඡා කර ඒ සඳහා වැඩපිළිවෙලක් සකස් කිරීමට සහයෝගය දක්වන්නැයි ඇමතිවරයා පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට විරෝධය දක්වන දේශපාලන හා වෘත්තීය කණ්ඩායම්වලින් ඉල්ලා සිටී.
 
තමන් පක්ෂය වෙනස් කළද කිසිවිටෙකත් ප්‍රතිපත්ති වෙනස් නොකරන බවත් ඕනෑම වේදිකාවක නොබියව තමන්ගේ මතය ප්‍රකාශ කරන බවත් ඇමතිවරයා පවසයි. මේ වනවිට ලොව සෑම රටකම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවා තිබෙන බවත් එම වෛද්‍ය විද්‍යාලවල ඉගෙනුම ලැබූ වෛද්‍යවරුන් සැලකිය යුතු ප්‍රමාණයක් වෛද්‍ය ක්ෂේත්‍රයේ සිටින බවත් ඇමතිවරයා පෙන්වා දෙයි. එම වෛද්‍යවරුන්ද පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයට විරෝධය දැක්වීම පුදුමයට කරුණයක් බවයි ඇමතිවරයා පවසන්නේ.
 
වත්මන් රජය නිදහස් අධයාපනය පෞද්ගලීකරණය කරන බව ප්‍රකාශ කළද නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සේවය ආරක්ෂා කිරීම වෙනුවෙන් රජය වැඩපිළිවෙල කිහිපයක් ආරම්භ කර ඇති බවද ඇමතිවරයා පෙන්වා දෙයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment