සුද්දා මගේ දිහාට හැරිලා පල් හිනාවක් දැම්මා. දාලා මිනිහ දන්න ඉංග්‍රීසියෙන් ඇහුවා "සිංහලෙන් ප්‍රවෘත්ති කියන්න ඉංග්‍රීසියෙන් පටන් ගන්නේ ඇයි" කියල. මම ඇහුනේ නෑ වගේ ටීවී එක වහල දාල මිනිහට කෑමට අඬ ගැහුවා.
කෑම කන ගමන් මිනිහ ඇහුවා අර "මීලඟට ප්‍රවෘත්ති" කියලා ඉංග්‍රීසියෙන් කියපු නිවේදකයාගේ උගුරට මොකද වෙලා තියෙන්නේ කියලා. බොහෝ වෙලාවට ඒ සීකා වෛරසය හැදිලා වෙන්නත් පුළුවන් කියලා. නිවේදකයව ඉක්මනට දොස්තර කෙනෙකුට පෙන්නුවොත් හොඳයි කියලත් කිවුවා. මම ඇහුනේ නෑ වගේ හිටියා.
මිනිහ ගියාට පස්සේ මමත් කල්පනා කළා අපේ හැම ටීවී චැනල් එකකම සිංහල ප්‍රවෘත්තිවලට කළින්, ඉංග්‍රීසි සුද්දා ළඟවත් නැති නස්කූනි ඇක්සන්ට් එකකින් උගුර බර කරලා ඉංග්‍රීසි වචන කීපයක් කියන්නේ ඇයි කියලා. හරියට මල බද්ධය වෙලා වගේ. අර සුද්ද කිවුවා වගේ සීකා වෛරසයද දන්නේ නෑ. කොහොමත් උගුර බලව ගත්තොත් හොඳයි කියල කෝල් එකක් දාලා කියන්නත් හිතුවා.
ලංකාවේ ටීවී, ලෝකයේ අනෙක් රටවල ටීවීවලින් අමු කොප්පේ ගහනවා කියලා කවුරුත් දන්නවා. අර ස්ටාර්, මේ ස්ටාර්, මෙගා ස්ටාර්, අර ටෝක්, මේ ටෝක්, හාර්ඩ් ටෝක්. ලංකාවේ ප්‍රක්ෂකයාට ලැබෙන්නේ ලෝකේ වෙන රටවල පට්ට ගහපුවා. ඉන්දියාවේ, කොරියාවේ තුන් වෙනි පෙළේ නළු නිළියෝ දාල හදපු ටෙලි නාට්‍ය වසංගතය ගැන පොතක් ලියතැකි.
"දිස් ඉස් ද නිවුස් ඇට් ටෙන්", "නව් ලයිව් ඇට් නයින් තර්ටි", "ඇන්ඩ් එරවුන්ඩ් ද වර්ල්ඩ්", "දිස් ඉස් ෆස්ට් ඇට් නයින් ", "යූ ආර් වොචින් ද ප`යිම් ටයිම් නිවුස්" කියන කට්ටිය ටීවී එකේ බැරිනම් පොඩ්ඩක් ඉන්ටෙර්නෙට් එකටවත් ගිහිල්ලා බලන්න බීබීසී, සීඑන්එන්, අල්ජසීරා චීන චැනල් එකක හරි "ඊළඟට ප`වෘත්ති" කියලා කියන අයට සීකා වෛරසය හරි වෙන භාෂාවක් ගැඹුරු ඇක්සන්ට් එකක් දාලා කියවෙන අමුතු ලෙඩක් හරි තියෙනවද කියලා. ඒ කියන විදිහ කොපි කරගෙන කිවුවොත් නම් හිනා යන්නේ නැහැ.
එතකොට, "නෙක්ස්ට් නිවුස් ඇට් ටෙන්" කියලා විකාර ඉංග්‍රීසි ඇක්සන්ට් එකෙන් කියන කියුම් අහලා "මේවා අහල පණ පළයන් පෙරේදා" කියල කියන්න වෙන්නේ නැහැ.
0 comments :
Post a Comment