රටක සංස්කෘතීයේ ජීවනාලිය බඳු කලාවටත් මේ ආණ්ඩුව බදු ගහනවා - බිමල් රත්නායක

රටක සංස්කෘතීයේ ජීවනාලිය බඳු කලාවටත් මේ ආණ්ඩුව බදු ගහනවා - බිමල් රත්නායක

 

එහිදී වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කළ මන්ත්‍රීවරයා ; 

හෙට දින විවාදයට ගැනීමට නියමිත දේශීය ආදායම් පනත මගින් සියලූම ක්‍ෂේත‍්‍රයන්ට අසාධාරණ ලෙස බදු පනවලා තිබෙන නිසා එය හකුළා ගන්නා ලෙස ජනතා විමුක්ති පෙරමුණ මුල් අවස්ථාවේ සිට ආණ්ඩුවට බලපෑම් කළා. ඊට එරෙහිව ජනමතයක් ගොඩනැගුවා. ජනතාව දැනුවත් කිරීමට සම්මන්ත‍්‍රණ පැවැත්වුවා. අත් පති‍්‍රකා බෙදුවා. එම පනතට එරෙහිව ගොඩනැගුණු ජනතා විරෝධය නිසාම පනත පාර්ලිමේන්තුවට ගේන එකත් ආණ්ඩුවට කල් දාන්න සිදුවුණා. නමුත් දැන් ආණ්ඩුව පනත පාර්ලිමේන්තුවේ විවාදයට ඉදිරිපත් කොට තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී කලා සංගමය ලෙස මෙම පනත කලාව, සාහිත්‍ය ක්‍ෂේත‍්‍රයේ නියැළෙන කලාකරුවන්ට බලපාන ආකාරය පිළිබඳව සංවාදයක් හැදිය යුතු බව කල්පනා කළා. යහපත් කලාවක් වෙනුවෙන් නිර්මාණ කරන කලාකරුවන්ගේ අයිතිය මෙම පනතෙන් අහිමි වෙලා යනවා. රටක සංස්කෘතියේ ජීවනාලිය බඳු කලාවට බදු ගැසීම නිසා නිර්මාණ බිහි නොවීමෙන් ඇතිවන සංස්කෘතියේ ගරා වැටීම පරම්පරා ගාණකට බලපානවා. ඒ නිසා මෙම බදු පනතට සංශෝධන විශාල ප‍්‍රමාණයක් ඉදිරිපත් කරන්න ජනතා විමුක්ති පෙරමුණ ලෙස කටයුතු කරනවා.

මේ බදු පනතට මිනිස්සු, අලි ඇත්තු, මැණික් ස්වර්ණාභරණ, සියලූම දේවල් අහුවෙලා තිබෙන්නේ. ක්‍ෂුද්‍ර ජීවීන් විතරයි මේ බදුවලට අහුවෙලා නැත්තේ. එයින් සෘජුවම කලා ක්‍ෂේත‍්‍රයට බලපාන බදු පිළිබඳව අවධානය යොමුකරන්න කැමතියි. අපේ රටේ කලාව කර්මාන්තයක් ලෙස දියුණු වෙලා නැහැ. සාමාන්‍ය මට්ටමින් හෝ කර්මාන්තයක් ලෙස පවතින්නේ චිත‍්‍රපට ක්‍ෂේත‍්‍රය සහ සී.ඞී. පට නිෂ්පාදනයයි. චිත‍්‍ර කලාව, නවකතා, කවි, වේදිකා නාට්‍ය, කර්මාන්තයක් ලෙස දියුණු වෙලා නැහැ. අපේ රටේ කලාකරුවන් නිර්මාණවල යෙදෙන්නේ බොහෝ වෙලාවට වෙනත් රැුකියාවක් කරන ගමන්. ඇතැම් කලාකරුවන් තමන්ගේ වේදිකා නාට්‍ය නිෂ්පාදනයට මුදල් හොයා  ගන්නේ උපකාරක පංති පවත්වලා. එනිසා එහෙම තත්වයක් තුළ බදු පැනවීමේදී කලා නිර්මාණවලට විශාල බලපෑමක් සිදුවෙනවා. නව බදු පනතට අනුව කුමන ක‍්‍රමයකින් වුවද ලක්‍ෂ හයක වාර්ෂික ආදායමක් ලබන(මාසික ආදායම රු. 50,000ට වැඩි* සියලූම දෙනා ආදායම් බදුවලට අයත් වෙනවා. ශිෂ්‍යත්වයක් ලැබුණත් කලා නිර්මාණයකට සම්මාන ප‍්‍රදානයක් ලැබුණත් ආණ්ඩුවට බදු ගෙවන්න සිදුවෙනවා.  ඒ නිසා ආණ්ඩුව මේ පනත හදලා තියෙන්නේ මස් රාත්තලම ගන්නයි. ඉතා අසීරු තත්වයන් යටතේ කලා කටයුතුවල යෙදෙන කලාකරුවන්ට මේ පනතින් විශාල බලපෑමක් සිදුවෙනවා. 

මේ බදු පනත 2006 අංක16 දරන බදු පනතට සංශෝධනයක් ලෙස තමයි ඉදිරි පත් කරන්නේ. එහි පිටු 142ක් සංශෝධන ඇතුළත් වෙනවා. ඒ නිසා මේ බදු පනත අලූත් බදු පනතක් ලෙසයි සලකන්න සිදුවෙන්නේ. කලින් පැවති පනතේ තිබුණු බදු සහන 328 නව බදු පනතින් 25 දක්වා අඩුකොට තිබෙනවා. මුල් පනතට අනුව වේදිකා නාට්‍යකරුවන්ට පළමු වසරේ ආදායමින් 50%කට බදු නිදහසක් ලබාදී තිබුණා. නමුත් නව පනතට අනුව වේදිකා නාට්‍ය ආදායමට පළමු වසරේ සිට 100%ක් බදු පනවා තිබෙනවා. ලේඛකයන්ට හා පොත් ප‍්‍රකාශකයින්ට සිය පළමු ප‍්‍රකාශනයේ ආදායමට 50%ක බදු සහනයක් හිමිවී තිබුණ නමුත් නව බදු පනතට අනුව පළමු ප‍්‍රකාශනයේ සිට බදු ගෙවන්න සිදුවෙනවා. ඒ වගේම පැවති පනතට අනුව නව නිර්මාණකරුවන් බදුවලින් නිදහස් කොට තිබුණත් නව බදු පනතට අනුව නව නිර්මාණකරුවන්ට තිබූ බදු සහනය ඉවත්කොට තිබෙනවා. කුමාරතුංග මුනිදාස මහත්තයා කියලා තිබුණා ”අලූත් අලූත් දෑ නොතනන ජාතිය ලොව නොනගී” කියලා. නමුත් මේ බදු පනතට අනුව කියන්නේ නව නිර්මාණ බිහි නොකළ යුතුයි කියලද? කලා ක්‍ෂේත‍්‍රයේ පමණක් සියලූම ක්‍ෂේත‍්‍රයේ නව නිර්මාණවලට නව පනතින් බදු පනවලා තිබෙනවා. ලෝකයේ ඉහළම පෙළේ විද්‍යාඥයෙකු ලෙස රංගික හල්වතුර මහත්තයාට සම්මානයක් ලැබුණා. ඔහුට පේටන්ට් බලපත‍්‍ර පහක් හිමියි. එවැනි විශිෂ්ඨ විද්‍යාඥයන්ට ලැබෙන සම්මානවලින් මේ ආණ්ඩුව බදු අයකර ගන්නවා. ලලිතකලා කටයුතුවලින් රුපියල් ලක්‍ෂයක් දක්වා ත්‍යාග ලැබෙන කලාකරුවන්ට බදු සහනයක් තිබුණා. නමුත් නව පනතට අනුව එම බදු සහනය ඉවත්කොට තිබෙනවා. අපේ රටේ සාමාන්‍යයෙන් වසරකට බිහි වෙන්නේ ආසන්න ලෙස චිත‍්‍රපට 15ක පමණ ප‍්‍රමාණයක්. චිත‍්‍රපටයක පළමු වසර ආදායම මිලියන 25 දක්වා බදු සහනයක් ලබාදී තිබුණා. එවැනි සහනයක් ලබා දී තිබුණේ චිත‍්‍රපටයක් සඳහා විශාල වියදමක් දැරීමට සිදුවන නිසා. නමුත් නව පනතට අනුව චිත‍්‍රපටයක් පාඩු ලැබුවත් ලැබෙන ආදායමට බදු ගෙවන්න සිදුවෙනවා. ඒ නිසා මේ ආණ්ඩුව සමස්ත කලාවටම බදු පනවනවා. මෙයින් සිදුවෙන්නේ පැහැදිලිවම කලාව වළ දැමීමක්. කලාවේ ප‍්‍රධාන අරමුණ ජනතාවයි. එම නිසා මෙම කප්පාදුවට එරෙහිව කලාකරුවන් මෙන්ම රටේ ජනතාවත් පෙළ ගැසිය යුතුව තිබෙනවා. ඒ වගේම කලා ක්‍ෂේත‍්‍රයට ලබාදී තිබු සහනය එලෙසම ලබාදෙන ලෙසට සංශෝධන ඉදිරිපත් කරන්න ජවිපෙ බලාපොරොත්තු වෙනවා. ඒවගේම අනෙකුත් ක්‍ෂේත‍්‍ර සඳහා ද සහන ලබාදෙන ලෙසට සංශෝධන ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. 

මෙම මාධ්‍ය හමුවේදී රංගන ශිල්පිනී දීපානි සිල්වා, චන්ද්‍රසෝම බිංදුහේවා, සාහිත්‍යවේදී කීර්ති වැලිසරගේ යන කලාකරුවෝ ද අදහස් දැක්වූහ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment