වැටුප් කප්පාදුවට එරෙහිව වතුකම්කරුවන් උද්ඝෝෂණයක !

වැටුප් කප්පාදුවට එරෙහිව වතුකම්කරුවන් උද්ඝෝෂණයක !

 

උද්ඝෝෂණයේ නියලී සිටි වතුකම්කරුවන් පවසන්නේ මේ දිනවල මධ්‍යම කදුකරයේ පවතින අයහපත් කාළගුණ තත්ත්වයත් සමගම  මුලු දවස පුරාම නෙලිය හැක්කේ උපරිම අයුරින් අමු තේ දලු කිලෝ දාහතරක් පහළොවක් අතර ප්‍රමාණයක් බවයි.
එසේ   නෙලන දළු ප්‍රමාණය අඩුවීම නිසා තමන්ගේ දිනක දෛනික වැටුපට ලබා දෙන රුපියල් එකසිය හතලියක දිරි ගැන්වීමේ දීමනාව පාලනාධිකාරිය විසින් තමන්ට ලබා නොදෙන බවයි වතුකම්කරුවන් පවසන්නේ.

පැය අටක කාලයක් වැඩ කළ ද  වතුපාලන අධිකාරිය මගින් තමන්ට ගෙවනු ලබන්නේ රුපියල් හත්සිය අනූව වෙනුවට රුපියල් හයසිය පනහක මුදලක් බව කම්කරුවන් මැසිවිලි නගති.  අද රටේ පවතින ජීවන වියදම අනුව තමන්ට එම මුදල කිසිසේත් ප්‍රමාණවත් නොවන බවයි උද්ඝෝෂණයේ නියළී සිටින  වතුකම්කරුවන් පවසන්නේ.  

තේ පදලාව තිබෙන අවස්ථාවල තමන් වතුපාලන අධිකාරිය ඉල්ලන දලු ප්‍රමාණයට වඩා අමු තේ දලු ප්‍රමාණයක් නෙලා දෙන බවද කම්කරුවන් පවසා සිටී.

මේ සම්බන්ධයෙන් අප තේ වතු සමාගමක වතු අධිකාරිවරයෙකුගෙන් කළ විමසුමකදී ඔහු පවසා සිටියේ නිමි තේ කිලෝවක් නිෂ්පාදනය කිරීම සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදුවන බැවින් වතුකම්කරුවෙකු ඔහුගේ දෛනික වැටුපට අමු තේ දලු කිලෝ දහඅටක් විස්සත් අතර ප්‍රමාණයක් අනිවාර්යෙන්ම නෙලිය යුතු බවයි.

හැටන් රංජිත් රාජපක්‍ෂ

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment