නවතා තිබුණු ලොරිය හදිසියේ පසුපසට ධාවනය වී සිඟිති දියණිය බිළි අරන්


  බොස්සැල්ල කලුගල ප්‍රදේශයේ 18 වැනි දා රාත්‍රී සිදුවුණු හදිසි අනතුරකින් අවුරුදු හතරහමාරක පෙර පාසල් දැරියක මියගොස් ඇතැයි කියන සිද්ධියක් අරණායක පොලිසියෙන් වාර්තා වේ.

 මෙම අවාසනාවන්ත
සිද්ධියෙන් මියගොස් ඇත්තේ මොළගොඩ පල්පාත අරඹේගම පදිංචිව සිටි එච්.එන්.ඒ. ඉසුරි භාග්‍යා නමැති දැරියකි. සාමසර කන්ද නායයෑම නිසා අවතැන් වීමෙන් පසු මිය ගිය දැරියගේ පවුලේ අය වෙනුවෙන් බොස්සැල්ල කලුගල 55 ජනපදයේ ලැබුණු නව නිවස සඳහා පල්පාත ප්‍රදේශයේ ඔවුන් තාවකාලිකව රැඳි සිට නිවසේ සිට කලුගල නව නිවසට බඩුමුට්ටු රැගෙන ආ කුඩා ලොරි රථය නිවස ඉදිරිපිට මිදුලේ නවතා තිබිණි.පසුව එය හදිසියේම පසුපසට ධාවනය වී ඇති අතර ඒ අවස්ථාවේ නිවසේ බිත්ති කණුවක හේත්තු වී සිටි දැරිය ලොරි රථයට යටවීමෙන් මෙම අවාසනාවන්ත මරණය සිදුවී ඇති බව පොලිසිය පවසයි.

 -ගරුමුනි තිලකරත්න-

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment