ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ නැවත රිමාන්ඩ්

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ නැවත රිමාන්ඩ්

 

විද්‍යා දැරියගේ ඝාතනයට සැකකෙරෙන ඝාතනය සැලසුම් කළ ප්‍රධාන සැකකරු වූ මහාලිංගම් ශෂිකුමාර් හෙවත් ස්විස් කුමාර් නැමත්තාට යාපනයෙන් පිටවීමට උතුරු පලාත භාරව එවකට සිටි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වූ ලලිත් ජයසිංහ විසින් උදව් කිරීමේ චෝදනාව මත ලලිත් ජයසිංහ පසුගිය ජුලි 15 දා සවස අත්අඩංගුවට ගනු ලැබීය.

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අනුරාධපුර රක්ෂිත බන්ධනාගාරයේ සිට රැගෙනවිත් අද දින කියිට්ස් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී කයිට්ස් මහෙස්ත්‍රාත් නොමැති වීමෙන් වැඩබලන මහෙස්ත්‍රාත් වරයා මෙසේ ලබන 11 වනදා නඩුව කැඳවීමට නියෝග කරනු ලැබීය.

පසුගිය 2015 වසරේ මැයි මස 13 වනදා විද්‍යා දැරිය පැහැරගෙන ගොස් පූංකුඩතිව් ප්‍රදේශයේ කැලෑවක සමූහ දූෂණයකට ලක්ව ඝාතනය කොට තිබූ අතර එහිදී අදාල ඝාතනයට සම්බන්ධ යැයි සැලකෙන සැකකරුවන් 12 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

වන්නි රොමේෂ් මධුෂංඛ

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment