හිරෙන් නිදහස් වූ අජ්මීන් ඒකාබද්දෙට

හිරෙන් නිදහස් වූ අජ්මීන් ඒකාබද්දෙට
එල්.ටී.ටී.ඊ. සංවිධානය හා සබඳතා පවත්වමින්, පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂක, නියෝජ්‍ය පොලිස්පති රවී විද්‍යාලංකාර මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් මොහමඩ් අජ්මීර්ට චෝදනා එල්ල වූ අතර ඊට අමතරව තවත් එවැනිම චෝදනා හතරක් ඔහුට එල්ල විය.
 
මෙම චෝදනා විමර්ශනයෙන් පසු ඔහුට වසර 10 ක සිර දඬුවමක් නියම විය.
 
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස මැතිවරණ පරාජයෙන් පසුව ඒකාබද්ධ විපක්ෂය ලෙස සංවිධානය වූ අතර පැවති පාලන සමයේ විවිධ චෝදනා එල්ල වූ සහ දඬුවම් ලැබූ ලොක්කන් මෙන්ම සොක්කන් ද ඒකාබද්ධ විපක්ෂය වටා එක් වූ අතර ඉදිරියේදී මොහමඩ් අජ්මීර් ද ඔවුන් හා එක්වනු ඇත. ඒකාබද්ධ විපක්ෂයට ද ඔහු වැදගත් වනුයේ මේ වනවිට ඔවුන්ට හිසරදයක් බවට පත්ව ඇති රවී විද්‍යාලංකාර මහතා ඝාතනය කිරීමට මොහමඩ් අජ්මීර් කුමන්ත්‍රණය කළ පුද්ගලයෙකු වීම නිසාය.
 
එදා එල්.ටී.ටී.ඊ. සංවිධානය හා සබඳතා පැවැත්වූ අජ්මීර් ඉදිරියේදි ඒකාබද්ධ විපක්ෂය හා එක්වී තමන්ට සුපුරුදු කුමන්ත්‍රණ සිදුකරනු ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment