කාර්යක්ෂමව යුක්තිය පසිඳලනවා - තලතා අතුකෝරල

කාර්යක්ෂමව යුක්තිය පසිඳලනවා - තලතා අතුකෝරල
සංවිධානාත්මක අපරාධ මර්ධනය කිරීම, නීති විරෝධී අවිධිමත් සංක්‍රමණ,අන්තර්ජාතික අපරාධ වැනි කාරණා වලදී ශ්‍රී ලංකාවට උපරිම සහය ලබා දෙන බව එම නියෝජිත පිරිස අමාත්‍යවරිය හමුවේ ප්‍රකාශ කර ඇත. වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා රජය විසින් අධිකාරියක් පිහිටුවා ඇති බවත් එය මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක බවයි අතුකෝරල මහත්මිය සඳහන් කළේ. එම අධිකාරියේ තාක්ෂණික හා අනෙකුත්  අවශ්‍ය සහය  හැකි බව  උක්ත නියෝජිතයන් පවසා තිබේ. 
 
විශේෂයෙන් මෙරටට මත්ද්‍රව්‍ය ගෙන එනු ලබන  පුද්ගලයන්,මත් ද්‍රව්‍ය භාවිතා කරන්නන්, මත් ද්‍රව්‍ය විකුණනු ලබන පුද්ගලයන් පාලනය කිරීම සඳහා ද තාක්ෂණික හා අනෙකුත් අවශ්‍ය සහය ලබා දිය හැකි බවද ඔවුන් අමාත්‍යවරිය හමුවේ ප්‍රකාශ කර ඇත. එමෙන්ම අධිකරණ නිලධාරීන්ගේ සංඛ්‍යාව , නීතිපති දෙපාර්තමේන්තුව, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, කෙටුම්පත් දෙපාර්තම්න්තුව යන ආයතනයන්හි කටයුතු සාර්ථකව හා කාර්යක්ෂමව සිදු කරන අකාරය පිළිබඳවද එහිදී සාකච්ජා කර ඇත.
 
ආශිකා බ්‍රාහ්මණ 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment