ශ්‍රී ලංකන් හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය අධිකරණයට?

නිශාන්ත වික්‍රමසිංහ, සුසන්ත රත්නායක, ශමේන්ද්‍ර රාජපක්ෂ, මනිලාල් ප්‍රනාන්දු, ජනාධිපති නීතීඥ නිහාල් ජයමාන්න, සනත් උක්වත්ත, කපිල චන්ද්‍රසේන යන අයගෙන් සමන්විත වූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය, ගුවන් සේවය අවකළමනාකරණය කිරීම සහ ශ්‍රී ලංකා ආණ්ඩුවට රුපියල් මිලියන 200කට අධික පාඩුවක් සිදුකිරීම වෙනුවෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව විශ්වසනීය ආරංචි මාර්ගවලින් අපට දැනගැනීමට ලැබී ඇත.

2012 වාර්ෂික වාර්තාවට අනුව සුසන්ත රත්නායක අධ්‍යක්ෂ මණ්ඩලයේ විගණන කමිටුවේ සභාපතිවරයා වන අතර ජෝන් කීල්ස් හෝල්ඩින්ස් හි සභාපතිවරයා වන්නේ ද ඔහු ය. නමුත් සාමාන්‍යයෙන් සිදුකළ යුත්තේ විගණන කමිටුවේ ප්‍රධානියා වශයෙන් වරලත් ගණකාධිකාරවරයෙක් පත්කිරීමයි.

මෙම අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව බරපතළ චෝදනා ගණනාවක් ඇති අතර ඒවා හිටපු සිවිල් සේවක ලලිත් වීරතුංගට තුන් අවුරුදු සිර දඬුවමක් ලබාදුන් TRC සිද්ධියට ද වඩා බරපතළ ය.

අජිත් ඩයස් හා සුරේන් රත්වත්තේ විසින්, රුපියල් බිලියන 2.3 ක් අයථා ලෙස පරිහරණය සහ ටෙන්ඩර වංචා සඟවන්නට තැත්කළත් එය සාර්ථක වුණේ නැත. විමර්ශන නිලධාරීන්ට අනුව අධ්‍යක්ෂ මණ්ඩලය නිසි ටෙන්ඩර් කාර්යපටිපාටිය අනුගමනය කරන්නට අසමත් වී ඇත. විමර්ශන මේ වන විට ආසන්න වන්නට නියමිත ය. හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වසර දෙකක් තිස්සේ ආරක්ෂා කරගෙන සිටින සමහර නිලධාරීන් ඉදිරියේදී හෙළිදරව් වීමට නියමිත ය.

ශ්‍රී ලංකන් සේවකයන්ට අනුව ආවාට ගියාට හිතුමතේ සිදුකරන බඳවාගැනීම් හේතුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 120කට අධික පාඩුවක් ගුවන් සේවයට සිදු වී තිබේ. ගුවන් සේවයේ ජ්‍යේෂ්ඨයන්ට  අනුව වර්තමාන අධ්‍යක්ෂ මණ්ඩලය පෙර පැවති අධ්‍යක්ෂ මණ්ඩලයට ද වඩා නරක අතර ගුවන් සේවාවක් පවත්වාගෙන යාමට අවශ්‍ය අත්දැකීම් ඔවුන්ට නැත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment