මේ නඩු තීන්දුව ගැන අගමැතිවරයාත් පුදුම වුණා Ceylon News 24x7 10:05:00 PM News Edit ඊයේ (08)දළදා සමිදුන්ගේ ආශිර්වාද ලබා ගැනීමෙන් පසුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අගමැතිවරයා හමුවි කල සාකච්ඡාව සම්බන්ධයෙන් අනාවරණයි කළා. එහිදි අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ පාර්ලිමේන්තු සංකීර්ණයේ අගමැතිවරයාගේ කාර්යාලයේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් හා අගමැති අතර පැවති සාකච්ඡාවේදි සමෘද්ධි නිලධාරින්ට ඇතුළු කේෂ්ත්‍ර නිලධාරින්ට ප්‍රදේශීය සභා මැතිවරණ වලට තරග කරන්නට නොහැකි බවට ගෙනා ආ නීතිය මගින් විශාල අසාධාරණයයක් සිදු වූ බවත් ඒ පිළිබඳව නැවත සලකා බලන ලෙසට ඉල්ලා සිටි බවත් ය. "එතකොට තමයි ආරංචි වුණේ ලලිත් වීරතුංග මහත්තයාට දඩුවම් කරලා තියනවා කියලා අවුරුදු තුනාමාරකටයි අනිත් එක්කෙනාට අවුරුදු හතරාමාරකටයි මිලියන 50 ක් ගෙවන්නයි කියලා රාජ්‍ය සේවකයෙන් කොහොමද මිලියන 50ක් ගෙවන්නේ. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාත් පුදුම වුණා මේ නඩු තීන්දුව ගැන. පක්ෂ නායකයන් කැදවලා මේ පිළිබඳව සාකච්ඡා කරනවා කියලා එතුමා කිව්වා. අපි කිව්වා ඒකාබද්ධවිපක්ෂය විදියට අපි ජනාධිපතිවරයත් එක්ක සාකච්ඡා කරනවා කියලා," Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment