නව ව්‍යවස්ථා කෙටුම්පත වැට උඩ !

නව ව්‍යවස්ථා කෙටුම්පත වැට උඩ !

කෙසේ වෙතත් මේ කෙටුම්පත ලබන 21 වන දා වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු සකස් කරමින් තිබෙන බව ද විශ්වාස කටයුතු ආරංචිමාර්ගයකින් අනාවරණය වේ. එදිනට සමස්ත පාර්ලිමේන්තුව ම ව්‍යවස්ථාදායක සභාවක් ලෙස රැස්වීමට නියමිත බව ද අදාළ ආරංචි මාර්ග සඳහන් කරයි. එහෙත් අගමැති කාර්යාල ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ පක්ෂ අතර එකඟත්වයක් නොමැති වීම නිසා තවදුරටත් අදාළ කෙටුම්පත ඉදිරිපත් කිරීම කල්යාමට ද ඉඩක් ඇති බවයි.

විධායක ජනාධිපති ක්‍රමය සම්බන්ධයෙන් පවතින මත ගැටුම මෙතෙක් අවසන් වී නැති බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය හෝ නිශ්චිතව දැනුම් දී නැති බවත් වාර්තා වේ. දෙමළ ජාතික සන්ධානය තම ස්ථාවරය ප්‍රකාශයට පත්කර ඇති අතර, ජනතා විමුක්ති පෙරමුණ ද ඇතැම් කරුණු සම්බන්ධයෙන් නිශ්චිත කරුණු දැක්වීමක් කර නැති බව ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ සාමාජිකයෙක් සඳහන් කළේය. මේ නිසා බොහෝ විට ව්‍යවස්ථා කෙටුම්පත ඉදිරිපත් කිරීම තවදුරටත් ප්‍රමාද වනු ඇතැයි ඔහු පැවසීය.

 - සිතාරා කුලරත්න

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment