ලලිත්-අනූෂ දෙදෙනාට ලබාදුන් නඩු තීන්දුව ගැන පුදුමයි - මහින්ද රාජපක්ෂ

ලලිත්-අනූෂ දෙදෙනාට ලබාදුන් නඩු තීන්දුව ගැන පුදුමයි - මහින්ද රාජපක්ෂ

 

රාජ්‍ය සේවකයන් වන ලලිත් වීරතුංග හා අනූෂ පැල්පිට මහත්වරුන්ට රුපියල් මිලියන පනහක දඩයක් ගෙවීමට තරම් ආදායමක් රජයෙන් නොලැබෙන බවත් මෙය සමස්ථ රාජ්‍ය සේවකයන්ට ලබා දුන් පණිවුඩයක් යැයි ඒ මහතා ශ්‍රී දළදා මාලිගාවේදී දන්ත ධාතූන් වහන්සේ වැද පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ මේ බව පැවසීය.

භාණ්ඩ හා සේවාවල අධික මිල, දේශීය නිෂ්පාදකයන්ගේ භාණ්ඩ සදහා මිලක් නොමැතිවීම, ජනගහණයෙන් 75%ක් ගොවියන් වුවත් ඔවුන්ගේ කෘෂිකර්මාන්තය බිද වැටීම, නියං හා ගං වතුර අවස්ථාවලදී ගොවියන්ට ආධාර හා වන්දි නොලැබීම ආදී වශයෙන් මේ වන විට රට ක්‍රමානුකූලව හිගන තත්ත්වයට පත් කොට ඇතැයි හිටපු ජනාධිපතිවරයා කීවේය.

පළාත් පාලන මැතිවරණය සදහා අපේක්ෂකයන් වශයෙන් රජයේ සේවයේ නියුතු ක්ෂේත්‍ර නිලධාරීන්ට ඉදිරිපත්වීමට නොහැකි ලෙස පනතට සංශෝධනයක් එක් කිරීම සම්බන්ධයෙන් තමන් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කළ බව කී මහින්ද රාජපක්ෂ මහතා මෙසේ කීවේය.

රාජ්‍ය සේවකයන්ට මැතිවරණය සදහා ඉදිරිපත්වීමට නොහැකි ලෙස වසරක් ආපස්සට බලපාන පරිදි සංශෝධනයක් එක් කොට තිබෙනවා. ඒකට විරුද්ධව අධිකරණයට යන්න බැහැ. හේතුව වන්නේ එය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පනත තුළ නොතිබීමයි. නමුත් ඔවුන් පසුව එය සංශෝධනයක් වශයෙන් ඉදිරිපත් කළා. එවිට නීතියේ සාධාරණය ඉල්ලා අධිකරණයට යන්න අවස්ථාවක් නැහැ. ඒ සදහා ප්‍රමාණවත් කාලයක් ද නැහැ. මෙය සමස්ථ රාජ්‍ය සේවයට බලපාන කරුණක්.

පනතට එක් කළ සංශෝධනය පිළිබදව යළි සලකා බලන්න කියා අප අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළා. සියලු පක්ෂ නායකයන් කැදවා ඔවුන්ගේ අදහස් විමසීමට එහිදී එකගත්වය පළ කළා. මේ පිළිබදව ජනාධිපතිවරයා දැනුවත් කරන ලෙස මම ඒකාබද්ධ විපක්ෂයට ප්‍රකාශ කළා.

මේ අතරේ තමයි ලලිත් විරතුංග හා අනූෂ පැල්පිට මහත්වරුන්ට දුන් නඩු තීන්දුව අපට දැන ගැනීමට ලැබුණේ. එතුමත් පුදුමයට පත්වුණා. රාජ්‍ය සේවකයෙකුට මෙතරම් මුදලක් ගෙවන්න කොහෙන්ද සල්ලි? මේ පිළිබදව අභියාචනයක් කළ හැකි යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලොහාන් රත්වත්ත, දිලුම් අමුණුගම මහත්වරුන් ද මහනුවර මහ නගර සභාවේ හිටපු පුරපති මහේන්ද්‍ර රත්වත්තේ මහතා ඇතුලු මහජන නියෝජිතයන් හා පාක්ෂිකයන් පිරිසක් මේ අවස්ථාවට එක්විය.

නුවර නදීක දයා බණ්ඩාර

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment