වෑන් රථයක් අඩි දෙසියක් ප‍්‍රපාතයට පෙරලෙයි

VAN

හැටන් දික්ඔය සාංචිමලේ සිට හැටන් දක්වා ධාවනය වු වෑන් රථයක් හැටන් සාංචිමලේ ප‍්‍රධාන මාර්ගයේ ඇඩිලි වත්ත ප‍්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන කාසල්රි ජලාශයට ජලය ගලා බසින දික්ඔය ඇළට පෙරලිමෙන් එම වෑන් රථයේ ගමන් ගත් දෙදෙනෙකු් බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල නිසා ඉන් එක් තුවාලකරුවෙකු මහනුවර ශික්ෂණ රෝහලටත් අනෙක් තුවාලකරු නාවලප්ිටිය මුලික රෝහලටත් මාරුකර යැවි බව හැටන් පොලිසිය පවසනවා. ඊයේ (09.09) රාති‍්‍ර 10.00 ට පමණ මෙම අනතුර සිදුවි ඇති බවයි පොලිසිය පවසන්නේ. හැටන් ප‍්‍රදේශයේ සංචාරක හෝටලයක සේවය කරන සේවකයින් පිරිසක් සේවය අවසන් කිරිමෙන් පසු හැටන් දික්ඔය සාංචිමලේ ඇන්ඩිෆීල් වත්ත දක්වා ප‍්‍රවහානය කර එන අතරතුරයි මෙම වෑන් රථය පෙරලි ඇත්තේ. ප‍්‍රදේශයේ පවතින අධීක වර්ෂාවත් සමගම ධාවනය වෙමින් තිබු වෑන් රථය ලිස්සා අඩි දෙසියක් ප‍්‍රපාතය වු දික්ඔය ඇළට පෙරලි ගොස් මෙම අනතුර සිදුවි ඇති බවයි අනතුර පිළිබද පරික්‍ෂණ පවත්වන හැටන් පොලිසිය පවසන්නේ. රංජිත් රාජපක්ෂ-හැටන් DSC00020 DSC00021 DSC00022 DSC00024 DSC00027
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment