මුහුදේ පාවෙමින් තිබූ නාදුනන මළ සිරුර පුත්තලම රෝහලේ(ඡායාරූප)

DEATH_B

මුන්දලම පොලිස් බල ප්‍රදේශයට අයත් කන්ද තොඩුවාව වෙරළ තීරයට පසු ගිය දින (08) උදෑසන  නාදුනන මළ සිරුරක් ගොඩ ගැසී ඇතැයි ධීවරයින් විසින් මුන්දලම පොලීසියට කල දැණූම් දිමකට අනුව මූලික පරික්ෂණ ආරම්භ කිරීමට කටයුතු කල බව කියයි.

උඩප්පුව මුහුදු තීරයට අයත් කන්දතොඩුවාව වෙරළට මෙම මෘත දේහය පාවෙමින් පැමිණ ඇති අතර, අදාළ මෘත දේහයේ සම්පූර්ණයෙන්ම විකෘති වී තිබූ බවත්, සිරුරේ සමහර ස්ථාන වල අස්ථි පමණක් දක්නට ලැබෙන අතර, මෙම මළ සිරුර හිමි පුද්ගලයා කව්දැයි නිශ්චිතව හදුනා ගැනීමට නොහැකි බව පරික්ෂණ පවත්වන මුන්දලම පොලීසය සදහන් කරයි

ඒ අනුව පුලුල් පරික්ෂණ කටයුතු ආරම්භ කල මුන්දලම පොලීසිය පුත්තලම වැඩබලන මහේස්ත්‍රාත් දායානි රස්නායක මෙනවිය විසින් මහේස්ත්‍රාත් පරික්ෂණ කටයුතු සිදුකල අතර, වැඩිදුර පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සදහා මෘත දේහය පුත්තලම මූලික රෝහල් මෘත ශරීරාගාරය වෙත රැගෙන යාමට පොලීසියට නියෝග කර තිබුණි.

සටහන සේයා රූ

පුත්තලම කේ.ප්‍රියංකර

IMG_3394 IMG_3398 IMG_3404 IMG_3414 IMG_3418 IMG_3423(1) IMG_3423 IMG_3425
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment