වැලිකඩ තවත් කැත වැඩක් ! සිරකරුවෙක් මරුට !!

වැලිකඩ තවත් කැත වැඩක් ! සිරකරුවෙක් මරුට !!

අදාළ වාට්ටුවේ දී විකෘති මානසික තත්ත්ව සහිත රැඳවියන් පිරිස මේ රැඳවියාට පහර දී මරා දමා ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

සාමාන්‍යයෙන් දඬුවමක් ලෙස මේ වාට්ටුවට රැඳවියකු යොමු කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැක්කක් බවත්, එය බන්ධනාගාර නීතිවලට අනුව ද වරදක් බවත් සඳහන් කරන අදාළ ආරංචි මාර්ග, වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මේ වාට්ටුවට ඇතුළත් කිරීම සඳහා වෛද්‍ය නිර්දේශ අනිවාර්යෙන් ම අවශ්‍ය බවයි.

මේ සිද්ධිය හෙළිදරව් වීම වැළැක්වීම සඳහා බන්ධනාගාරය අභ්‍යන්තරයේ වෙනම මෙහෙයුමක් දියත් කර ඇති බව ද අනාවරණය වේ.කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විමසීමට වැලිකඩ බන්ධනාගාරයේ අදාළ සිද්ධියේ වගකීම දරන බන්ධනාගාරඅධිකාරි චන්දන ඒකනායක සම්බන්ධ කර ගැනීමට අප අවස්ථා කිහිපයක දී උත්සාහ දැරුවද, ඔහු දුරකථනයට ප්‍රතිචාර දැක්වූයේ නැත.

- පරාක්‍රම දිසානායක

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment