වන අලි විකුණන කතාවට පරිසර සංවිධාන විරුද්ධයි.

වන අලි ගහනය වැඩි නිසා ඔවුන් අල්ලා විදේශ රටවලට විකුණා දැමිය යුතු බවට දේශපාලනඥයන් ප්‍රකාශ නිකුත් කරන්නේ කුමන මිනුම්දණ්ඩක් මුල්කරගෙනද යන්න වහාම රටට හෙළි කළයුතු බව පරිසර සංවිධානය සඳහන් කරයි.

පොදුවේ ආසියානු රටවල් ගතහොත් ආසියානු අලියා ජීවත් වන්නේ රටවල් 13ක් වැනි සුළු ප්‍රමාණයක බවත්, මෙවන් තත්ත්වයක් තුළ අලි සම්පත රටට සම්පතක් බවද පරිසර සංරක්ෂණභාරය සඳහන් කරයි.

සිදුව තිබෙන්නේ අලි ඇතුන්ට අයත් නිජභූමි දේශපාලනඥයන් හා ඔවුන්ගේ හිතවතුන් ඉවක්බවක් නොමැතිව විනාශ කර දැමීම බවත් ඒ හේතුවෙන් අලි ඇතුන් ගම්වැදීම සිදුවන බවත් පැවසීය. මෙම හේතුව මුල්කරගෙන අලි ඇතුන් විදේශ රටවලට විකුණා දැමීමට දේශපාලනඥයන් ප්‍රකාශ නිකුත් කිරීම දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බවද එම සංවිධාන සඳහන් කරයි.

මේ නිසා මුලින්ම සිදුකළ යුතු වන්නේ රටේ සිටිනා අලි ඇතුන් ආරක්ෂා කිරීමට ඔවුන්ට අයත් නිජභූමි ආරක්ෂා කර දීම බවද පරිසර සංරක්ෂණ කවය සඳහන් කරයි.

එසේ නොකර අලි ඇතුන්ගේ ගහනය වැඩි බවට ප්‍රකාශ කිරීම සාධාරණ නොවන බවත්, සමස්තයක් ලෙස රට තුළ සිටින්නේ අලි ඇතුන් 5800ක් තරම් වූ සුළු ප්‍රමාණයක් බවත් එම සංගමයේ සභාපති ළහිරු ප්‍රකාශ මහතා සඳහන් කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment