ආගම්වාදය තුරන් කර ශ්‍රි ලාංකික ජාතිය බිහි කළ යුතුයි

Rajith_o

තමන්ට පසුගිය රජය එපා වුයේ ජාතිවාදය සහ ආගම්වාදය නිස බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසනවා.නින්දවූර් මුලික රෝහල ඉදිකිරිම සදහා මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

“යහපාලන රජය ලබාදුන් පොරොන්දු ඉටු කරමින් පවතින නිසා ජනතාව නිදහසේ ජීවත් වෙනවා. පැහැරගැනීම්, සුදු වෑන් සංස්කෘතිය අවසන්ව බියෙන් සැකෙන් තොරව ජනතාව ජීවත්වීම ඉතා වැදගත්. යහපාලන රජය බිහි කිරීමේ දී ලබාදුන් තවත් පොරොන්දු ඉදිරියේ දී ඉටු කරනවා. විශේෂයෙන්ම තමන් කැමැති ආගම ඇදහීමට ලබාදුන් නිදහස සහ ජාතිවාදය තුරන් කිරිම විශිෂ්ට ජයග්‍රහණයක්. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ ආශිර්වාදය මත ක්‍රියාත්මක වූ මුලධර්මවාදීන් අද නැහැ. ආගමික අයිතිය ජනතාවට තහවුරු කර තිබෙනවා. මට පසුගිය රජය එපා වුයේ ජාතිවාදය සහ ආගම්වාදය නිසයි. මිනිසත්කම ඊට වඩා වැදගත්. ඉදිරියේ දී ජාතිවාදය සහ ආගම්වාදය යළි මතු වුවහොත් ඊට විරුද්ධව ද සටන් කරනවා.”

“උතුරේ ද්‍රවිඩ දේශපාලන පක්ෂවල සහයෝගය ද රජයට ලැබී තිබෙනවා. ජාතිවාය, ආගම්වාදය තුරන් කර ශ්‍රි ලාංකික ජාතිය බිහි කළ යුතුයි. සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල වෙනස්කමි රැසක් සිදු කර තිබෙනවා. ඒ යටතේ පිළිකා රෝගීන්ට ජිවිතාන්තය දක්වා නොමිලේ ප්‍රතිකාර ලබාදීමේ තීරණය ඉතාම වැදගත්. මම සෞඛ්‍ය අමාත්‍යධුරයට පත්වන විට එම රොගීන්ට ලබාදුන්නේ රුපියල් ලක්ෂ 15 ක් දක්වා ඖෂධ පමණයි. නමුත් නව තීන්දුවත් සමග මේ වනවිට රුපියල් ලක්ෂ 100, ලක්ෂ 120 දක්වා ප්‍රතිකාර ලබාදී තිබෙනවා. එම වියදම් සියල්ල සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දරනු ලබනවා. මගේ හෘද සැත්කමට ජනාධිපති අරමුදලෙන් රුපියල් ලක්ෂ 100 ක මුදලක් වැය කිරිම ගැන තමයි දැන් චෝදනා කරන්නේ. ජනාධිපති අරමුදලෙන් තවත් රෝගීන්ට ප්‍රතිකාර සදහා මුදල් වැය කර තිබෙනවා. නමුත් මම සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස පිළීකා රෝගීන්ට ජීවිතාන්තය දක්වා ඖෂධ නොමිලේ සැපයීමට ගත් තීන්දුව ගැන කවුරුවත් කථා කරන්නේ නැහැ. එම රෝගීන්ට විශාල සහනයක් ලබා දී තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ඖෂධ හිගයක් තිබෙනව බවට අසත්‍ය ප්‍රචාර මතු කළා. නමුත් තංගල්ල හා මොණරාගල රෝහල්වල අවශ්‍ය තරම් ඖෂධ තිබෙනවා.”

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment