විදුලි බිල වැඩිකරන්නැයි ඉන්ජිනේරුවන්ගෙන් ඇමතිට ඉල්ලීමක් !

විදුලි බිල වැඩිකරන්නැයි ඉන්ජිනේරුවන්ගෙන් ඇමතිට ඉල්ලීමක් !

 

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම ව්‍යාපාරය ප්‍රකාශ කරන්නේ මෙම අවස්ථාවේදී විදුලිබිල වැඩි කිරීමට තමන් ඉඩ නොතබන බවත් විදුලිබල මණ්ඩලයේ ක්‍රියාත්මක වන විදුලි මාෆියාව සහ වංචා, දූෂණ පිළිබඳව තවදුරටත් රට හමුවේ කරුණු හෙළිකරන බවත්ය. එයින් නොනැවතී තමන් අධිකරණය හමුවටත් යාමට බලාපොරොත්තු වන බව ද එම ව්‍යාපාරය ප්‍රකාශ කර සිටී. 

දිගුකාලීන විදුලි ජනන සැලැස්ම පසෙකලා විදුලිබල මණ්ඩලය අධි මිලට පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිල දී ගනිමින් සිටින බවත් රජයේ ටෙන්ඩර් පටිපාටි උල්ලංඝනය කරමින් කල් ඉකුත් වූ පෞද්ගලික බලාගාර මිල දී ගනිමින් සිටින බවත් පෙන්වා දෙන එම ව්‍යාපාරය මේවන විට විදුලිබල මණ්ඩලය විසින් කලම්බු බාච් බලාගාරය මිල දී ගෙන එය නඩත්තු කිරීම සඳහා අධික මුදලක් වැය කරමින් සිටින බව ද පෙන්වා දෙයි. 

එසේම ඇග්‍රිකෝ නම් ඇමරිකානු සමාගමෙන් ඒකකයක් රුපියල් 27 බැගින් විදුලිය මිල දී ගනිමින් සිටින බවත් මේ වසරේ පෙබරවාරි මාසයේ සිට මාස 6ක් සඳහා එසේ විදුලිය මිල දි ගැනීමට කටයුතු කළ ද දැන් එය තවත් මාස 6කට දීර්ඝ කර ඇති බවත් මෙම සමාගමේ ශ්‍රී ලංකාවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ පසුගිය වසරේ විශ්‍රාම ගත් විදුලිබල මණ්ඩලයේ ම සාමාන්‍යාධිකාරී වරයකු බවත් පෙන්වා දෙන පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය එය කෙතරම් සදාචාරසම්පන්නදැයි ප්‍රශ්න කරයි. 

මෙසේ අඩු මිල බලාගාර ඉදිකිරීමට අකුල් හෙළමින් වැඩි මිලට පෞද්ගලික අංශයෙන් විදුලිය මිල දී ගැනීම සහ කල් ඉකුත් වූ බලාගාර මිල දී ගැනීම හේතුවෙන් විදුලිබල මණ්ඩලය පත් වී ඇති උග්‍ර මුදල් අහේනිය පියවා ගැනීම සඳහා ඒකකයකට රුපියල් 3කින් මිල වැඩි කිරීමට යෝජනා කිරීම නින්දිත බව ප්‍රකාශ කරන එම ව්‍යාපාරය මේ පිළිබඳව මහජන උපයෝගීතා කොමිසම දැනුවත්දැයි ප්‍රශ්න කර සිටී.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment