අධිකරණ තීන්දු විවේචනය කලොත් වැඩ වරදි…

Court-Hammer_-DC

අධිකරණ තීන්දු තීරණ සම්බන්ධයෙන් විවිධ ප්‍රකාශ කරමින් අධිකරණය පිළිබඳව වැරැදි මතයක් ජනතාව කෙරෙහි ඇති කිරීමට උත්සාහ දරන පුද්ගලයන් සම්බන්ධව සොයා බලා ඔවුන්ට එරෙහිව නීති මාර්ගයෙන් කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතාට උපදෙස් දී ලබාදි ඇති බව වාර්තා වේ.

අධිකරණ තීන්දුවක් සම්බන්ධයෙන් සෑහීමට පත් නොවන කවර තරාතිරමක හෝ පුද්ගලයකුට එම තීන්දුවට එරෙහිව අභියාචනා ඉදිරිපත් කිරීමට අයිතිය තිබියදී අධිකරණයට අපහාස වන අන්දමින් යම් ක්‍රියාමාර්ග ගැනීමට කවර හෝ පුද්ගලයකුට ඉඩදිය නොහැකි බව ආණ්ඩුවේ මතය වි ඇති අතර ඒ අනුව අධිකරණ තීන්දු තීරණ සම්බන්ධයෙන් විවිධ ප්‍රකාශ කරමින් අධිකරණය පිළිබඳව වැරැදි මතයක් ජනතාව කෙරෙහි ඇති කිරීමට උත්සාහ අය නීතියේ රැහැනට හසුකර ගැනිමට ඉදිරියේදි මෙහෙයුමක් දියත් කිරිමට නියමිතයි...

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment