මන්ත්‍රීවරුගේ වත්කම් බැරකම් ප්‍රකාශ ගැන මාධ්‍ය වාර්තා වැරදියි.

KaruJayasiur

ආණ්ඩු පක්ෂයේ හා විරුද්ධ පක්ෂයේ සැලකිය යුතු පිරිසක් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදී ඇති බවත් මන්ත්‍රීවරු නව දෙනෙකු පමණක් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදුන් බවට මාධ්‍යයක පළවූ පුවත අසත්‍යයක් බවත් කථානායක කරු ජයසූරිය මහතා ඊයේ (08) පාර්ලිමේන්තුවේදි අනාවරණය කළා.

ක්‍රිඩා ඇමැති දයාසිරි ජයසේකර, ධීවර හා ජලජ සම්පත් ඇමැති මහින්ද අමරවීර, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක, රවි කරුණානායක, බන්දුල ගුණවර්ධන යන මහත්වරුන් විසින් වත්කම් බැරකම් ප්‍රකාශ දුන් මැති ඇමැතිවරුන්ගේ ලැයිස්තුව ප්‍රසිද්ධ කරන ලෙස කළ ඉල්ලීමට පිළිතුරු දෙමින් කථානායකවරයා මේ බව සදහන් කර තිබේ.

මන්ත්‍රීවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ පාර්ලිමේන්තුවටද ඇමැතිවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ජනාධිපති ‍ලේකම් කාර්යාලයට ලබාදෙන බව කී කථානායකවරයා සියලු දෙනාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බැවින් ජනාධිපති කාර්යාලයෙන්ද තොරතුරු ගෙන තොරතුරු ලබා දුන් සියලු දෙනාගේම වත්කම් බැරකම් ප්‍රසිද්ධියට පත් කරන බව ද සදහන් කළා.

2017 වර්ෂය වෙනුවෙන් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදුන් ඇමැතිවරුන් හා මන්ත්‍රීවරුන්ගේ නාම ‍ලේඛනයක් ප්‍රසිද්ධියට පත් කරන බව කථානායක කරු ජයසූරිය මහතා aඅවධාරණයකර සිටි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment