නගර දෙකකි අප - හශාන් අබේගුණරත්න

නගර දෙකකි අප - හශාන් අබේගුණරත්න

 

සිතුනු විට සැනින් ,
මා භූමි ආක්‍රමණය කරන
අක්‍රමික, ඔබ සුලං දහරා
පසුකර පැමිණිය යුතුමයි
අප අතර මායිම,
" සාදරයෙන් පිළිගමු! " පුවරුව

රිසි වේලෙක නොරිසි නම්
යාමට, මා සියලු මාවත් විවෘත ය,
පසුකර
" ස්තූතියි, නැවත එන්න. " පුවරුව

විවිධ වෙස්ගත් ඔබෙ සුලඟට
දන්වන්න කාරුණිකව
නොපෙරලන්න ඒ පුවරුව.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment