රුහුණ සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් රිමාන්ඩ්

රුහුණ සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් රිමාන්ඩ්

මාතර කොට්ඨාස බුද්ධි තොරතුරු ඒකකයේ ස්ථානාධිපති එච්.කේ.කමල් මහතාට ලැබුණු තොරතුරකට අනුව මාතර පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සඳරුවන් එම විශ්ව විද්‍යාලය ඉදිරිපිට බැංකුවකට පැමිණ සිටියදී සැක පිට අත් අඩංගුවට ගැණිනි.

සරසවි සිසුන්ට සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී එල්ල වු පොලිස් ප්‍රහාරයට විරෝධය පල කිරීම සදහා රුහුණ විශ්ව විද්‍යාලයේ වැල්ලමඩම පරිශ්‍රය ඉදිරිපිට සංවිධානය කල උද්ඝෝෂණ ව්‍යාපාරයක් වීඩියෝ කල බව කියන පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකුට පහර දී ඔවුන්ගේ කැමරා උපකරණ මංකොල්ල කා රාජකාරියට බාධා කල බව කියන සිද්ධිය සම්බන්ධයෙනි

ඉකුත් ජුනි මස 23 වැනිදා සිදු වු මෙම සිද්ධියෙන් මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ඡායාරූප ශිල්පී පොලිස් සැරයන් 5244 රාජපක්ෂ පතිරණගේ පියසිරි(56) හා කොට්ඨාස බුද්ධි තොරතුරු ඒකකයේ සැරයන් 55988 ඉදුනිල් පද්ම කුමාර (51) යන මහත්වරු තුවාල ලබා වෛද්‍ය ප්‍රතිකාර සඳහා මාතර සඳහා මාතර මහ රෝහල වෙත ඇතුලත් කර තිබුණි.

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ගිය සරසවි සිසුන්ට එල්ල කල පොලිස් ප්‍රහාරයට විරෝධය පල කිරීම සදහා රුහුණ විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය මෙම විරෝධතා ව්‍යාපාරය සංවිධානය කර තිබුණේය.

රජයට විරෝධය දක්වමින් සිසු සිසුවියන් මාතර කතරගම ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් අවහිර කරමින් පඹයින් පුලුස්සා දමා උද්ඝෝෂණය කල අවස්ථාවේ සිවිල් ඇදුමින් සැරසුණු පොලිස් සැරයන්වරයා වීඩියෝ ගත කර තිබු අතර ඒ ගැන

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment