ජගත් ජයසූරියට බ්‍රසීලයේදී නඩු දමා නැතිලු


ජගත් ජයසූරියට බ්‍රසීලයේදී
නඩු දමා නැතිලු



හිටපු හමුදාපති බ්‍රසීලයේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජගත් ජයසූරියට යුද අපරාධ නඩු දැමුවා යයි කියන සිද්ධිය මේ වනවිට ආන්දෝලනයට තුඩුදී ඇති මාතෘකාවකි.
ඒ වෙනුවෙන් රජයට චෝදනා කිරීමට හා ජගත් ජයසූරිය පුද්ගලයා ඉලක්ක කර මඩ අවලාද පැතිරීම විවිධ පාර්ශ්ව වලින් සිදුවේ.
කෙසේ වෙතත් මෙම පුවත සත්‍යයක්ද අසත්‍යයක්ද යන්න තවම කිසිවෙකු සොයා බලා නැත. මෙම නඩු දැමූ පුවත
මුලින්ම කියා සිටියේ

හිටපු තානාපති ජගත් ජයසූරියම වන නිසා එය කියැවුණ සැණින්  යුද අපරාධ සම්බන්ධ පරණ කථා අවුස්සමින් ලංකාවම කලබල විය.
නමුත් ඇත්ත කතාව වෙනත් එකක් බව මේ වනවිට අනාවරණයවී තිබේ. සත්‍ය ලෙසම ජගත් ජයසූරිය යුද අපරාධ සිදු කළා කියා ඔහුට එරෙහිව බ්‍රසීලයේ නඩු පැවරීමක් සිදුකර නොමැත. අන්තර්ජාතික සත්‍ය හා යුක්ති ව්‍යාපාරය නමැති මානව හිමිකම් සුරැකීමේ රාජ්‍ය නොවන  සංවිධානයක් නඩු පැවරීමක් සිදු කළ කතාව ඇත්තකි.
නමුත් එම නඩුව පවරා ඇත්තේ බ්‍රසීල රජයට විරුද්ධවය.  යුද අපරාධ කළැයි චෝදනා ඇති පුද්ගලයෙකුට එරට තානාපතිවරයෙකු වශයෙන් නම්කිරීමට එරෙහිව බ්‍රසීල රජයට එරෙහිව ඔවුන් නඩු පවරා තිබේ.එය බේරුම් කරගනු ඇත්තේ බ්‍රසීල රජයයි.
මෙවැනි නඩුවක් හෝ එයින් ලැබෙන තීන්දුවක් ඒ අනුව ලංකාවට බලපෑම් ඇති කරන්නක් නොවනු ඇත.
මේ කාරණාව සත්‍ය අසත්‍ය සොයා නොබලා දේශපාලන වාසියේ යෙදවීම කෙතරම් විසුළු සහගත තත්වයක් දැයි විචාරාත්මකව විමසන්නෙකුට පැහැදිලි වේ.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment