වැලිකඩ ඝාතන සිදුවීමේ සාක්ෂිකරුවන් ආරක්ෂා කරන්න, කැෆේ වෙතින් ඉල්ලිමක්

kirthi-caffe_20_10

2012 වර්ෂයේදි වැලිකඩ බන්ධනාගාරයේ සිදු වූ සිදුවිමේ සාක්කිකරුවන්ට වහාම ආරක්ෂාව ලබාදෙන ලෙසත් ඝාතන වලට සම්බන්ධ පිරිස් වලට එරෙහිව වහාම නීතිය ක‍්‍රියාත්මක කරන ලෙසත් රජයට බලකර සිටින බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසනවා.

ඊයේ (05)වැලිකඩ ඝාතනයේ ප‍්‍රධාන සාක්ෂිකරු සුදේශ් නන්දිමාල් මහතාගේ නිවසට එල්ල වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් රාජගිරිය කැෆේ සංවිධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා.

වැලිකඩ ඝාතන සිද්ධිය වී වසර 05ක් ගත වුවද මෙතෙක් ඒ සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක කිරීමට රජය අපොහොසත් වී ඇති බවද  ඔහු එහිදි සඳහන් කර සිටියා.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment