රවීගේ මස්සිනාගෙන් හිස්වූ ලොතරැයි පුටුවට සේන සූරියප්පෙරුම.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස සේන සූරියප්පෙරුම මහතා පත්කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වූ රොමේෂ් ජයවර්ධන මහතා ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩලය සිය ධුරවලින් ඉවත් කරන බවට ගැසට් නිවේදනය පෙරේදා (04දා) රාත්‍රියේ නිකුත් කර ඇති අතර, ඒ අනුව හිස්වූ සභාපති ධුරයට සූරියප්පෙරුම මහතා පත්කරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

සංවර්ධන ලොතරැයි මණ්ඩලය පිහිටුවා ඇත්තේ ජනාධිපති අරමුදලට අවශ්‍ය අරමුදල් සපයා ගැනීම සඳහාය. එහෙත් පසුගිය කාලසීමාව තුළ සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් ජනාධිපති අරමුදලට අරමුදල් ලැබී නොමැති අතර, ජනාධිපති අරමුදලේ කටයුතු සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලබාගැනීමට ජනාධිපතිවරයාට සිදුව තිබේ.

මේ පිළිබඳ අවධානය යොමුකරමින් අදාළ වෙනස්කම් වහාම සිදුකිරිමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ. නව සභාපති සේන සූරියප්පෙරුම  මහතා සිමෙන්ති සංස්ථාවේ සභාපතිවරයෙකු ලෙස සහ සමෘද්ධි ව්‍යාපෘතියේ අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කර තිබේ.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ධුරය දැරූ රොමේෂ් ජයවර්ධන මහතා රවී කරුණානායක මහතාගේ මස්සිනා වේ. 

මේ අතර ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති නීතිඥ ෂර්මිලා පෙරේරා මහත්මියටද ඉල්ලා අස්වන ලෙස දැනුම්දී ඇති අතර, ඒ සඳහා අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව සභාපතිවරයෙකු නම්කර ඇති බවද වාර්තා වේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment