ඒ මල... - නජිත් ඉන්දික

ඒ මල... - නජිත් ඉන්දික

 

වින්දාට පසු පවා රොන් සුවඳ
නොහික්මුණු බඹර කැල වී සුහද
තලු මරති තලා දැමුයුරු නිබඳ
මලක් ලෙස ඇය කුමක් කරන්නද?

සියල්ලෙන් ඉනික්බිති හිනැහෙන්න
ඇති විරිය දුටුව විට සිත් ගන්න
බඹරුනට සුදුසු නම් රොන් ගන්න
මිනිසෙකුට බැරිද මල් සිප ගන්න

විලෙහි නෙක නෙළුම් නිති පිබිදෙනා
මඩින් මතුවී එතැයි පවසනා
නෙළුම් හිස නැඟෙන විස නොම දැනා
විල් පුරා පීරවයි 'පුහු' දනා

රළෙහි නැග පාව යනු බැරි තැනා
එම මලත් හදවතත් එක් වුනා
මලෙහි කටු ඇති බවද දැන දැනා
මම වුණත් සිප ගන්න පෙළඹුනා

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment